දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය හමුවේ සහන මුදා ගැනීමේ මෙහෙයුම් කටයුතු සඳහා මේ වනවිට කොළඹ වරයාට පැමිණ ඇති ඉන්දීය යුද නෞකාවේ පවතින ගුවන් යානා යොදාගැනීමට අවදානය යොමුව ඇති බව ආරක්ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා පවසනවා.
මේ සම්බන්ධයෙන් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සමඟ සම්බන්ධ වී සාකච්ඡාකර ඇති බවයි ලේකම්වරයා පැවසුවේ.
කෙසේ වෙතත් පවතින අහයපත් කාලගුණ තත්ත්වය මත ඉන්දියානු ගුවන් නියමුවන් ද එම යානා ගුවන් ගතකිරීමට අපහසුතාවයට පත්ව සිටින බවයි ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ.
පවතින ආපදා තත්ත්වය පිළිබඳව ත්‍රිවිධ හමුදා ආරක්ෂක මූලස්ථානයේදී මේ වන විට පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවේ දී ඔහු මෙම අදහස් පළකළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
1
+1
+1
+1
+1





