spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මුදල් මංකොල්ලයකට ගිය බණ්ඩාරගම 13 හැවිරිදි දරුවෙක් පොලිස් අත්අඩංගුවට

බණ්ඩාරගම ප්‍රදේශයේදී වෙළඳසැලකට ඇතුළු වී මුදල් මංකොල්ලකෑමට සුදානම් වූ 13 හැවිරිදි දරුවකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම දරුවා වෙළඳසැලට ඇතුළු වී එහි හිමිකාර කාන්තාවට පිහියකින් පහරදීමට තැත් කර තිබෙනවා.

වෙළඳසැල් හිමිකාරිනිය එය වළක්වා ගැනීමත් සමග එම සැකකාර දරුවා පලා ගොස් තිබෙනවා.

එම පහරදීමෙන් හිමිකාරිනියට තුවාල සිදුවී ඇති අතර පලා ගිය සැකකාර දරුවා සැගවී සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම දරුවා මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙම වෙළදසැල කොල්ලකෑමට පැමිණ ඇති බව වෙළඳසැල් හිමිකාරිනිය පොලිසියට පවසා ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව සැකකාර 13 හැවිරිදි දරුවා දෙමාපියන් වෙත භාර දී ඇති බව පොලිසිය සදහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?