මීගමුව පොලිස් වසමේ පෙරියමුල්ල ප්‍රදේශයේ දී පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (25) දහවල් සිදු වූ මෙම පහරදීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 44 ක ඩෙල්මාර්වත්ත, හල්ග්‍රන්ඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඝාතනයට ලක්වූ පුද්ගලයා පෙරියමුල්ල ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කර ඇති අතර, එහිදී හඳුනාගත් පුද්ගලයෙකු සමඟ සිදුකර ඇති මුදල් ගණුදෙනුවක් සම්බන්ධව ආරවුලක් ඇතිව තිබෙනවා.
එහිදී එම පුද්ගලයා විසින් වෙළඳසැල තුළදී පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ.
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර තිබෙනවා.
ඝාතනයට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ගෙන ඇති අතර සැකකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන අරඹා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.





