මුදල් කවුන්ටරයෙන් පොලිතීන් බෑග් ලබානොගන්නා පාරිභෝගිකයින්ගේ බිලට සහනයක්

දිවයින පුරා පිහිටි සුපිරි වෙළඳසැල් හා ඒවායේ වෙළඳ ශාඛාවලින් භාණ්ඩ මිලදී ගැනීමේ දී මුදල් කවුන්ටරයෙන් පොලිතීන් බෑග් ලබා නොගන්නා හෝ නැවත භාවිත කළ හැකි බෑගයක් භාණ්ඩ රැගෙන යාමට ගෙන එන පාරිභෝගිකයින්ගේ රුපියල් 500ට වැඩි බිල්පත් සඳහා රුපියල් 5.00ක මුදලක් අඩු කිරීමට පාර්ලිමේන්තුවේ පැවති පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීමට සහභාගී වූ එම සුපිරි වෙළඳසැල් ප්‍රධානීන්ගේ එකඟත්වය හිමිව තිබෙනවා.

මෙම රැස්වීම පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුමගේ ප්‍රධානත්වයෙන් පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත් වුණා.

මෙදින කාරක සභාව හමුවට මෙරට ප්‍රමුඛ සුපිරි වෙළඳ සැල් කිහිපයක් වන ආර්පිකෝ සුපර් සෙන්ටර් (Arpico Super Center), කීල්ස් (Keells), කාර්ගිල්ස් ෆූඩ් සිටි (Cargills), ලාෆ් සුපර් (Laugfs Super), හා ස්පා(ර්) (Spar) යන අයතනවල ප්‍රධානීන්, නිමි ඇදුම් වෙළඳසැල්වල ප්‍රධානීන් සහ පෑන් නිෂ්පාදන ආයතනවල ප්‍රධානින් කැඳවා තිබුණා.

ශ්‍රී ලංකාව තුළ සංසරණය වන ප්ලාස්ටික් සහ පොලිතීන් අසුරන වෙළඳපොළට නිකුත් කරන ප්‍රමුඛතම ආයතන වශයෙන් මෙම නියෝජිතයින්ගේ දායකත්වය ප්ලාස්ටික්, පොලිතීන් භාවිතය අවම කිරීම සඳහා ලබාගැනීම මෙම රැස්වීමේ අරමුණ වුණා.

මෙරට තුළ අධික පොලිතීන්, ප්ලාස්ටික් භාවිතය හා ඉන් අනාගතයේ දී ඇතිවිය හැකි අහිතකර බලපෑම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා මෙම වෙළඳසැල් ප්‍රධානින් දැනුවත් කළා.

ඒ, අනුව එම අහිතකර තත්ත්වයන් අවම කරමින් පොලිතීන්, ප්ලාස්ටික් භාවිතය තුරන් කිරීම සඳහා වූ මූලික පියවර කිහිපයකට යොමුවීමට මෙදින කාරක සභාවේදී හැකි වුණා.

පරිසරය ආරක්ෂා කිරීම සඳහා ගනු ලැබූ මෙම විශේෂ තීරණය පිළිබදව සිය පාරිභෝගිකයින් දැනුවත් කිරීමට අවශ්‍ය ප්‍රචාරයන් ලබාදීමට සහ වෙළඳසැල්වල කාර්ය මණ්ඩලයට ඒ සඳහා අවශ්‍ය පුහුණුව සහ දැනුවත් කිරීම ලබාදීමට ද අදාළ වෙළඳසැල් නිලධාරීන්ගේ එකගත්වය හිමි වුණා.

එමෙන්ම ඉදිරියේ දී තවදුරටත් නැවත භාවිත කළ හැකි බෑග් ගෙන එන පාරිභෝගිකයින්ට ලබාදෙන සහන මුදල් වැඩි කරමින් පොලිතීන් භාවිතය අවම කිරීම සඳහා තම දායකත්වය අඛණ්ඩව ලබාදීමට එම සුපිරි වෙළඳසැල් ප්‍රධානීහු සුදානම් බව කාරක සභාව හමුවේ පැවසුවා.

මේ අතර වසරකට පෑන් මිලියන 120ක් වෙළඳපොලට නිකුත් කරන බව පෑන් නිෂ්පාදනය කරන ආයතන ප්‍රධානීන් කාරක සභාව හමුවේ ප්‍රකාශ කළා.

පෑන්වල බර සැලකූ විට මෙම ප්‍රමාණය ප්ලාස්ටික් ටොන් 80ක් පමණ විය හැකි බව කාරක සභාවේ දී අනාවරණය වුණා.

එමෙන්ම පෑනක වටිනාකමින් වැඩි කොටස පෑනේ තීන්තවලට සහ පෑන් තුඩ සඳහා වැයවන බැවින් පෑන් බටය නැවත
නැවත පාවිච්චි කිරීමට සැලැස්වීම තුළින් පෑනක මිල සැලකිය යුතු ලෙස අඩු නොවන බවත්, මෙරට තුළ පෑන් නිෂ්පාදනය කිරීමට ගනු ලබන ප්ලාස්ටික් අමුද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමට අපහසු බවත්, ලංකාව තුළ ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීමට සමත් ආයතනයක් හෝ නොමැති බවත් වැඩිදුරටත් අනාවරණය වුණා.

ලොව අනෙකුත් රටවල් පෑන් ප්‍රතිචක්‍රීකරණය සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග සහ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ප්ලාස්ටික් අමුද්‍රව්‍ය මගින් පෑන් නිෂ්පාදනයට ඇති හැකියාවන් පිළිබඳ සොයා බලා කාරක සභාවට වාර්තා කරන ලෙස සභාපතිවරයා විසින් අදාළ ආයතන ප්‍රධානීන්ට සහ එදින කාරක සභා රැස්වීමට පැමිණ සිටි තරුණ නියෝජිතයින්ට උපදෙස් ලබා දුන්නා.

එමෙන්ම නිමි ඇඳුම් ක්‍ෂේත්‍රය තුළ පොලිතීන් සහ ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව එම වෙළඳසැල් කිහිපයක ප්‍රධානීන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

අනුව ඒ සඳහා ගතහැකි වඩාත් ඵලදායී යෝජනා කාරක සභාව වෙත යොමු කරන ලෙසට සභාපතිවරයා විසින් එම ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබා දුන්නා.

සමස්තයක් ලෙස ගත්විට ප්ලාස්ටික් පොලිතීන් භාවිතය අඩු කිරීම පිළිබඳව පාරිභෝගිකයා තුළ මෙන්ම ව්‍යාපාරිකයා තුළ ද ආකල්පමය වෙනසක් ඇති කිරීම කාරක සභාවේ මූලික අරමුණ බව අවධාරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇල්ලේ Parking එකේ චන්ඩි අංකල් - හැරෙව්වත් රු.100යි.
01:33
Video thumbnail
හොඳටම සූරුවුණු චීවරධාරියා පොලිසියෙන් කුදලන් යයි
01:43
Video thumbnail
චූලා පද්මේන්ද්‍ර හැරයද්දි මව හැඬූ කඳුළින් කිව්ව දේ
01:49
Video thumbnail
හිරේ දාන්න යනවා කියලා නාමල්ට ඕන රැස්වීමට සෙනඟ අද්දවගන්න - ආණ්ඩුව නෙවෙයි පච ගැහුවේ
02:44
Video thumbnail
නඩු ටික මතක තියාගෙන රැස්වීම් කරගෙන යන්න - නලින්දගෙන් සැර කතාවක්
02:58
Video thumbnail
ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වන්න ආ ටිල්වින් සිල්වා - ටිල්වින් - දිල්හානි එක්ක කිව්ව දේ
00:53
Video thumbnail
චූලා පද්මේන්ද්‍ර හැරයද්දි මව හැඬූ කඳුළින් කිව්ව දේ - "අනේ එන්නකෝ පුතේ යන්න ගෙදර"
05:03
Video thumbnail
සමුගත් ප්‍රියංකර ගැන කලාකරුවන් තැබූ සංවේදී සටහන් - අන්තිම මොහොතේ හරි මුහුණ දකින්න පුළුවන් වුණා
01:22
Video thumbnail
22 ගැන පෙත්සම් විභාගය අවසන්වී අජිත් එළියට ඇවිත් සැරවෙයි - "මෙතන තියෙන්නේ ප්‍රතිපත්ති ප්‍රශ්නයක්"
02:54
Video thumbnail
රංගන ශිල්පී සංගීතා, සංවේදීවී ප්‍රියංකර ගැන කියූ දේ - වාසනාවන්ත වුණා දිල්හානි වගේ බිරිඳක් ලබන්න
01:09