සැමියා ඝාතනය කළ බිරිඳ වස පානය කර මියගිහින්

වවුනියාව, නෙඩුන්කේනි, කීරිසුඩ්ඩාන් ප්‍රදේශයේ නිවසක තිබී ඊයේ (02) පස්වරුවේ කැපුම් තුවාල සහිත පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

නෙඩුන්කේනි පොලිසිය පැවසුවේ මෙල්ස මියගොස් ඇත්තේ තිදරු පියෙකු වු 47 හැවිරිදි වේදනායගම් ලෝගනාදන් නමැති පුද්ගලයෙක්
බවයි.

මියගිය පුද්ගලයාගේ සිරුරේ කැපුම් තුවාල කිහිපයක් දැක ගැනීමට හැකි අතර මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා වවුනියාව රෝහල් මෘත ශරීරාගාරයට යොමු කර තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ බිරිඳ වන 37 හැවිරිදි ලෝගනාදන් පරමේශ්වරී නම් කාන්තාවද කිසියම් විෂ සහිත පානයක් පානය කොට අසළ නිවසක වැටී සිටියදී සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.

අනතුරුව අදාළ කාන්තාව වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ප්‍රදේශවාසීන් පැවසූවේ පැවසුවේ අදාළ ස්වාමිපුරුෂයා හා බිරිඳ කලක් වෙන්ව ජිවත්ව ඇති අතර කිසියම් ගැටළුවක් මත බිරිඳ විසින් ස්වාමිපුරුෂයා කපා ඝාතනය කොට, අදාළ කාන්තාවත් වස පානය කොට මියගොස් ඇති බවට ආරංචියක් පවතින බවයි.

මියගිය කාන්තාවගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ වවුනියාව රෝහල් මෘත ශරීරාගාරයේදී සිදුකිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් නෙඩුන්කේනි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.f



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56