AFC Banner
Empty Ad
Empty Ad

මුදල් ආරවුලක් දුර දිග ගොස් නාත්තන්ඩියේ අමානුෂික ඝාතනයක්

මුදල් ආරවුලක් දුර දිග යාමෙන් ඇති වූ බහින් බස්වීමකින් අනතුරුව පුද්ගලයින් දෙදෙනෙකු විසින් තවත් පුද්ගලයෙක් කපා කොටා ඝාතනය කර තිබෙනවා.

ඊයේ (24) රාත්‍රියේ රාත්‍රී 11.30ට පමණ මෙම ඝාතනය සිදුව ඇත්තේ නාත්තන්ඩිය, ගඩොල්ගොඩවත්ත ප්‍රදේශයේ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස ඝාතනයට ලක්ව අත්තේ 34 හැවිරිදි සුදාර චතුරංග නැමැති නාත්තන්ඩිය, ජනහිතගමප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.

බරපතළ කැපුම් තුවාල ලබා සිටි මෙම පුද්ගලයා මාරවිල මූලික රෝහලට රැගෙන යමින් සිටින අතර තුර මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා හඳුනාගෙන ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීමට මාරවිල පොලීසිය විමර්ශන අරඹා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
1
+1
8
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?