මුදල් අමාත්‍යාංශ ලොක්කන් කමිටුව හමුවට නොපැමිණීම ගැන කෝප් කමිටුවේ අප්‍රසාදය

ඊයේ (25) රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් කැඳවා තිබුණා.

එහිදී එම අමාත්‍යාංශයේ වගකිව යුතු නිලධාරීන් කෝප් කමිටුව හමුවට නොපැමිණීම සම්බන්ධයෙන් එම කමිටුවේ අප්‍රසාදය පළ වුණා.

කරුණු සාකච්ඡාවට ගැනීම සඳහා නිලධාරීන් කැඳවන විට පාර්ලිමේන්තුවට වගකියන අමාත්‍යාංශ ප්‍රධානීන් කාරක සභාව හමුවේ පෙනී සිටිය යුතු බව මෙහිදී අවධාරණය කෙරුණා.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් 2003 අංක 3 දරණ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනතේ 10 වැනි වගන්තිය යටතේ නිකුත් කරන ලද 2023 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව සලකා බැලීම සදහා රජයේ මුදල් පිළිබද කාරක සභාව රැස්වූ අවස්ථාවේ මෙම කරුණු සාකච්ඡා වුණා.

මුදල් අමාත්‍යාංශය විසින් 2023 ජූනි මස අවසන් වන විට මූල්‍ය තත්ත්වය මෙහිදී ඉදිරිපත් කරනු ලැබුවා.

මෙම වාර්තාවට අනුව, අයවැයේ ප්‍රාථමික ශේෂය 1% ක අතිරික්තයක් වුණා.

ප්‍රධාන වශයෙන් භාණ්ඩ හා සේවා මත වැට් බද්ද සැලකිය යුතු ලෙස ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස ආදායම් එකතු කිරීම වාර්ෂිකව 41% කින් බිලියන 1,317 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පළමු අර්ධය සඳහා වියදම බිලියන 2,560ක් වූ අතර එය 40% ක වර්ධනයක් පෙන්නුම් කරනවා.

විශාලතම වැඩිවීම වී ඇත්තේ දේශීය පොලී වියදම වන අතර එය මේ වසරේ පළමු භාගයේ දී බිලියන 1,273 දක්වා 51% කින් ඉහළ යාමක්.

පැමිණ සිටි නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද සංඛ්‍යාලේඛන මත පදනම්ව රාජ්‍ය මූල්‍ය තත්ත්වය, ආර්ථික කාර්ය සාධනය ආදී කරුණු පිළිබඳව කමිටු සාමාජිකයින් විවිධ ප්‍රශ්න මතු කරනු ලැබුවා.

විශේෂයෙන් 2023 පළමු කාර්තුවේ සියයට 11.5 ක ආර්ථික සංකෝචනය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වුණා.

එවැනි තත්ත්වයන් සදහා බලපෑ හේතු සහ තවදුරටත් ආර්ථික පසුබෑම වැළැක්වීම සඳහා ගෙන ඇති නිශ්චිත ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී’කමිටුව විසින් ප්‍රශ්න කරන කළා.

එසේම ජනාධිපතිවරයාගේ ආර්ථික දැක්මට අනුකූලව 2048 වර්ෂය වන විට ළඟා කර ගැනීම සැලසුම්කරන අමාත්‍යාංශයේ තිරසාර සැලැස්ම පිළිබඳව ද කමිටුව විසින් වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියා.

නමුත් සංවර්ධිත රටකට ලඟාවීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැතිය ද අමාත්‍යාංශය සතුව ඒ වෙනුවෙන් නිවැරදි උපායමාර්ගික සැලැස්මක් නොමැති බව මෙහිදී හෙළිවුණා.

ප්‍රමාණවත් දත්ත සහ සංඛ්‍යාලේඛන සමඟ සූදානමකින් යුතුව කාරක සභාව හමුවේ පෙනි සිටීමේ අවශ්‍යතාව අවධාරණය කළ කමිටුව, තිරසාර ආර්ථික ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීම සඳහා නිලධාරීන් වඩාත් වගකීමෙන් සහනිසි දැක්මක් සහිතව කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54