AFC Banner
AFC Banner
Empty Ad

මුදල් අමාත්‍යාංශයේ ලේකම්ට එරෙහිව විජිත හේරත්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයක් ක්‍රියාත්මක නොකිරීමට කටයුතු කිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි චෝදනා කරමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ජාතික ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින් පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවා.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වාලමින් නිකුත් කළ තහනම් නියෝගයට අනුකූලව කටයුතු කළ ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ද එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?