මුදල් අමාත්‍යංශයේ ලේකම් ධුරයේ වගකීම හර්ෂණ නිර්භීතව භාරගත්තා – නියෝජ්‍ය ඇමති අනිල්

නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වී අභියෝගාත්මක තනතුරක් වන මුදල් අමාත්‍යංශයේ ලේකම් ධුරයේ වගකීම ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම නිර්භීතව භාරගත් බව නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත පවසනවා.

කොළඹ දී අද (21) උදෑසන පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවා.

මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ එම තනතුර සඳහා අවශ්‍ය සුදුසුකම් සහ හැකියාව ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුමට ඇති බවයි.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් පිළිබඳව සහ ශ්‍රී ලංකාවේ ක්‍රියාවලිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට ලක්වීම පිළිබඳ දඔහු මෙහිදී අදහස් පළ කළා.

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වුණා.

ඔහුගේ අස්වීමේ ලිපිය තමා වෙත ලබාදී ඇති බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇති බව සඳහන්.

මුදල් අමාත්‍යංශයේ ලේකම් ධුරය භාරගැනීම වෙනුවෙන් ඔහු මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
8
+1
2
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19


?