AFC Banner
Empty Ad
Empty Ad

මුතුරාජවෙල තෙත් බිමේ ගෙන ගිය මහා පරිමාණ මත්පැන් ස්කාගාරයක් වටලයි (ඡායාරූප)

ජා ඇළ – මුතුරාජවෙල රක්ෂිත භූමියේ සූක්ෂ්ම අයුරින් නීතිවිරෝධී මත්පැන් (කසිප්පු) ස්කාගාරයක් පවත්වාගෙන ගිය ස්ථානයක් බස්නාහිර පළාත 01 සුරාබදු ඒකකය විසින් වටලනු ලැබුවා.

අද (09) මෙම වැටලීම සිදු කර ඇති අතර වැටලීම සිදු කරන අවස්ථාවේදී කසිප්පු පෙරමින් සිටි පුද්ගලයින් පලා ගොස් ඇති බවයි සහකාර සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජයන්ත ද සිල්වා මහතා පැවසුවේ.

සුරාබදු දෙපාර්තමේන්තුව යටතේ දිවයින පුරා සිදු වන නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදන කටයුතු නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක පසුබිමකදියි මෙම මෙහෙයුම ද ජා – ඇළ මුතුරාජවෙල ප්‍රදේශයේ දී සිදු කර ඇත්තේ.

වැටලීමෙන් ස්ප්‍රීතු බැරල් 75කට ආසන්න ප්‍රමාණයක්, පෙරන ලද මත්පැන් බෝතල් 3000ක්, කසිප්පු පෙරීමට ගන්නා ගෝඩා බැරල් ප්‍රමාණයක් ද අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සහකාර සුරාබදු කොමසාරිස්වරයා පැවසුවේ; නීතිවිරෝධී මත්පැන් බැරල් සියල්ලම විනාශ කිරීමට පියවර ගත් බවත්; සැකකරුවන් සොයා ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු සිදු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?