මුතුරාජවෙල තෙත් බිමේ ගෙන ගිය මහා පරිමාණ මත්පැන් ස්කාගාරයක් වටලයි (ඡායාරූප)

ජා ඇළ – මුතුරාජවෙල රක්ෂිත භූමියේ සූක්ෂ්ම අයුරින් නීතිවිරෝධී මත්පැන් (කසිප්පු) ස්කාගාරයක් පවත්වාගෙන ගිය ස්ථානයක් බස්නාහිර පළාත 01 සුරාබදු ඒකකය විසින් වටලනු ලැබුවා.

අද (09) මෙම වැටලීම සිදු කර ඇති අතර වැටලීම සිදු කරන අවස්ථාවේදී කසිප්පු පෙරමින් සිටි පුද්ගලයින් පලා ගොස් ඇති බවයි සහකාර සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජයන්ත ද සිල්වා මහතා පැවසුවේ.

සුරාබදු දෙපාර්තමේන්තුව යටතේ දිවයින පුරා සිදු වන නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදන කටයුතු නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක පසුබිමකදියි මෙම මෙහෙයුම ද ජා – ඇළ මුතුරාජවෙල ප්‍රදේශයේ දී සිදු කර ඇත්තේ.

වැටලීමෙන් ස්ප්‍රීතු බැරල් 75කට ආසන්න ප්‍රමාණයක්, පෙරන ලද මත්පැන් බෝතල් 3000ක්, කසිප්පු පෙරීමට ගන්නා ගෝඩා බැරල් ප්‍රමාණයක් ද අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සහකාර සුරාබදු කොමසාරිස්වරයා පැවසුවේ; නීතිවිරෝධී මත්පැන් බැරල් සියල්ලම විනාශ කිරීමට පියවර ගත් බවත්; සැකකරුවන් සොයා ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු සිදු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29