AFC Banner
AFC Banner
Empty Ad

මුණුපුරා 73 වතාවක් පිහි ඇනුම් එල්ල කර කෝටිපති සීයා ව ඝාතනය කරලා

දේපොළ ආරවුලක් මත මුණුපුරා විසින් සිය 86 හැවිරිදි වියෙහි පසුවුණ කෝටිපති ව්‍යාපාරික සීයා ව ඝාතනය කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අදාළ සැකකාර තරුණයා විසින් තම සීයා හට 73 වතාවක් පිහියෙන් ඇන ඇති බවයි.

මරණකරු හයිද්‍රාබාද් හි කර්මාන්ත අධ්‍යක්ෂවරයෙකු මෙන් ම වෙල්ජන් නමැති සමාගම් සමූහයේ සභාපතිවරයා ලෙසට ද සැලකෙනවා.

වී.සී. ජනාර්ධන් රාඕ යනු මරණකරු වන අතර ඔහු ඉන්දීය රුපියල් කෝටි 460ක වත්කමක් ඇති අයෙකු ලෙසයි සැලකෙන්නේ.

හයිඩ්‍රොලික් උපකරණ, නැව් තැනීම, බලශක්තිය සහ කාර්මික යෙදුම් සම්බන්ධයෙන් කටයුතු කරන වෙල්ජන් සමාගම ඉන්දියාව තුළ ප්‍රසිද්ධ ව්‍යාපාරයක්.

එම ව්‍යාපාරයේ හිමිකරුව ඔහුගේ 28 හැවිරිදි මුණුපුරා වන කීර්ති තේජා විසින් ඝාතනය කරන ලද බවත් හෙතෙම පශ්චාත් උපාධියක් ලබා අමෙරිකාවේ සිට පැමිණි අයෙක්.

මෙම ඝාතනය සිදු ව ඇත්තේ ඝාතකයා සිය මව වූ සරෝජිනී දේවි සමග සීයාගේ හයිද්‍රාබාද් හි නිවසට ගොස් සිටි අවස්ථාවේදී බවයි වාර්තා වන්නේ.

රාඕ මහතා මෑතක දී තම වැඩිමහල් දියණියගේ පුත් ශ්‍රීක්‍රිෂ්ණා ව වෙල්ජන් සමූහයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කර තිබුණ අතර ඔහු රුපියල් කෝටි 4 ක කොටස් තම දෙවන දියණිය වන සරෝජිනීගේ පුත් තේජා වෙත මාරු කර තිබුණා.

කෙසේවෙතත් මෙම දේපොළ සම්බන්ධයෙන් වූ ආරවුල මත ඝාතකයා විසින් මෙම අපරාධය වැළැක්වීමට මැදට ආ ඔහුගේ මවට ද පිහි ප්‍රහාර එල්ල කර ඇති අතර ඊට මැදි වූ මව ද බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

කෙසේවෙතත් තොරතුරු වාර්තා වන්නේ සැකකරු පලා ගොස් සිටියදී අත් අඩංගුවට ගත් බවත් ඔහු මත්ද්‍රව්‍යයවලට ද ඇබ්බැහි වී සිටින අයෙක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?