මුණුපුරා 73 වතාවක් පිහි ඇනුම් එල්ල කර කෝටිපති සීයා ව ඝාතනය කරලා

දේපොළ ආරවුලක් මත මුණුපුරා විසින් සිය 86 හැවිරිදි වියෙහි පසුවුණ කෝටිපති ව්‍යාපාරික සීයා ව ඝාතනය කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අදාළ සැකකාර තරුණයා විසින් තම සීයා හට 73 වතාවක් පිහියෙන් ඇන ඇති බවයි.

මරණකරු හයිද්‍රාබාද් හි කර්මාන්ත අධ්‍යක්ෂවරයෙකු මෙන් ම වෙල්ජන් නමැති සමාගම් සමූහයේ සභාපතිවරයා ලෙසට ද සැලකෙනවා.

වී.සී. ජනාර්ධන් රාඕ යනු මරණකරු වන අතර ඔහු ඉන්දීය රුපියල් කෝටි 460ක වත්කමක් ඇති අයෙකු ලෙසයි සැලකෙන්නේ.

හයිඩ්‍රොලික් උපකරණ, නැව් තැනීම, බලශක්තිය සහ කාර්මික යෙදුම් සම්බන්ධයෙන් කටයුතු කරන වෙල්ජන් සමාගම ඉන්දියාව තුළ ප්‍රසිද්ධ ව්‍යාපාරයක්.

එම ව්‍යාපාරයේ හිමිකරුව ඔහුගේ 28 හැවිරිදි මුණුපුරා වන කීර්ති තේජා විසින් ඝාතනය කරන ලද බවත් හෙතෙම පශ්චාත් උපාධියක් ලබා අමෙරිකාවේ සිට පැමිණි අයෙක්.

මෙම ඝාතනය සිදු ව ඇත්තේ ඝාතකයා සිය මව වූ සරෝජිනී දේවි සමග සීයාගේ හයිද්‍රාබාද් හි නිවසට ගොස් සිටි අවස්ථාවේදී බවයි වාර්තා වන්නේ.

රාඕ මහතා මෑතක දී තම වැඩිමහල් දියණියගේ පුත් ශ්‍රීක්‍රිෂ්ණා ව වෙල්ජන් සමූහයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කර තිබුණ අතර ඔහු රුපියල් කෝටි 4 ක කොටස් තම දෙවන දියණිය වන සරෝජිනීගේ පුත් තේජා වෙත මාරු කර තිබුණා.

කෙසේවෙතත් මෙම දේපොළ සම්බන්ධයෙන් වූ ආරවුල මත ඝාතකයා විසින් මෙම අපරාධය වැළැක්වීමට මැදට ආ ඔහුගේ මවට ද පිහි ප්‍රහාර එල්ල කර ඇති අතර ඊට මැදි වූ මව ද බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

කෙසේවෙතත් තොරතුරු වාර්තා වන්නේ සැකකරු පලා ගොස් සිටියදී අත් අඩංගුවට ගත් බවත් ඔහු මත්ද්‍රව්‍යයවලට ද ඇබ්බැහි වී සිටින අයෙක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34