මී උණ රෝගීන් ගණන 99ක් දක්වා ඉහළට – පශු සම්පත්වලින් බෝ වීමේ අවදානමක්?

යාපනය දිස්ත්‍රික්කයේ පසුගිය දිනවල සිට ශීඝ්‍රයෙන් පැතිරෙමින් පවතින මී උණ යැයි පැවසෙන උණ රෝගී තත්ත්වය වැළඳුණු රෝගීන් සංඛ්‍යාව අද (17) පස්වරුව වන විට 99ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

යාපනය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ. කේතීස්වරන් මහතා පැවසුවේ; මේ වනවිට පුද්ගලයින් 23 දෙනෙකු පරුත්තුරේ රෝහලේ ප්‍රතිකාර ලබන අතර පුද්ගලයින් 6 දෙනෙකු යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

ගත වූ පැය 24 තුළ පරුත්තුර රෝහලට රෝගීන් 9 දෙනෙකු සහ යාපනය ශික්ෂණ රෝහලට රෝගීන් 05 දෙනෙකු ඇතුළත් කර තිබෙනවා.

කෙසේවෙතත් ගෙවුණු පැය 24 තුළ කිසිදු මරණයක් මෙම රෝගය වැළඳීමෙන් වාර්තා වී නැති අතර පසුගිය දිනවල සිදු වූ මරණ 07 පමණක් වාර්තා වී තිබෙනවා.

බරුත්තුරේ සහ කරවෙට්ටි වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල මී උණ ව්‍යාප්ත කරන බැක්ටීරියා එම ප්‍රදේශවල ගවයන් තුළ තිබෙන්නට ඇතැයි සැක පළ කරන බවයි යාපනය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවේ.

මේ හේතුවෙන් අදාළ කාරණය තහවුරු කරගැනීමට සත්ත්ව නිෂ්පාදන පරීක්ෂා කිරීමට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් අවසර‍යක් ඉල්ලා ඇති අතර ඒ වෙනුවෙන් කොළඹ සිට සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් යාපනය දිස්ත්‍රික්කයට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එම වෛද්‍ය කණ්ඩායම ප්‍රදේශයේ සිටින ගවයින්ගේ රුධිර සාම්පල ලබාගෙන කොළඹට ගෙන ගොස් විශ්ලේෂණය සඳහා පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිතයි.

එමෙන්ම මෙම රෝගීන් 99 දෙනා අතර කිසිදු වයස අවුරුදු 15ට අඩු දරුවෙකු නොමැති බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54