මී උණ රෝගීන් ගණන 99ක් දක්වා ඉහළට – පශු සම්පත්වලින් බෝ වීමේ අවදානමක්?

යාපනය දිස්ත්‍රික්කයේ පසුගිය දිනවල සිට ශීඝ්‍රයෙන් පැතිරෙමින් පවතින මී උණ යැයි පැවසෙන උණ රෝගී තත්ත්වය වැළඳුණු රෝගීන් සංඛ්‍යාව අද (17) පස්වරුව වන විට 99ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

යාපනය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ. කේතීස්වරන් මහතා පැවසුවේ; මේ වනවිට පුද්ගලයින් 23 දෙනෙකු පරුත්තුරේ රෝහලේ ප්‍රතිකාර ලබන අතර පුද්ගලයින් 6 දෙනෙකු යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

ගත වූ පැය 24 තුළ පරුත්තුර රෝහලට රෝගීන් 9 දෙනෙකු සහ යාපනය ශික්ෂණ රෝහලට රෝගීන් 05 දෙනෙකු ඇතුළත් කර තිබෙනවා.

කෙසේවෙතත් ගෙවුණු පැය 24 තුළ කිසිදු මරණයක් මෙම රෝගය වැළඳීමෙන් වාර්තා වී නැති අතර පසුගිය දිනවල සිදු වූ මරණ 07 පමණක් වාර්තා වී තිබෙනවා.

බරුත්තුරේ සහ කරවෙට්ටි වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල මී උණ ව්‍යාප්ත කරන බැක්ටීරියා එම ප්‍රදේශවල ගවයන් තුළ තිබෙන්නට ඇතැයි සැක පළ කරන බවයි යාපනය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවේ.

මේ හේතුවෙන් අදාළ කාරණය තහවුරු කරගැනීමට සත්ත්ව නිෂ්පාදන පරීක්ෂා කිරීමට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් අවසර‍යක් ඉල්ලා ඇති අතර ඒ වෙනුවෙන් කොළඹ සිට සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් යාපනය දිස්ත්‍රික්කයට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එම වෛද්‍ය කණ්ඩායම ප්‍රදේශයේ සිටින ගවයින්ගේ රුධිර සාම්පල ලබාගෙන කොළඹට ගෙන ගොස් විශ්ලේෂණය සඳහා පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිතයි.

එමෙන්ම මෙම රෝගීන් 99 දෙනා අතර කිසිදු වයස අවුරුදු 15ට අඩු දරුවෙකු නොමැති බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?