මී උණ පාලනය වෙද්දී ඩෙංගු යාපනය ගිල ගනියි

යාපනය දිස්ත්‍රික්කයේ මී උණ මේ වනවිට සෞඛ්‍ය අංශ එක් ව ක්‍රමයෙන් පාලනය කර තිබුණ ද, ඩෙංගු උණ හිස ඔසවමින් සිටින බවට වාර්තා වනවා.

මේ වනවිට (01) එම දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීමේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඒ. කේදීස්වරන් මහතා පැවසුවේ.

යාපනයේ පිහිටි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

මී උණට සාපේක්ෂව 2024 නොවැම්බර් මාසයේ සිට ඩෙංගු රෝගීන් 134 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි වෛද්‍ය අධ්‍යක්ෂවරයා පැවසුවේ.

මෙම තත්ත්වය දෙසැම්බර් මාසය වන විට තවත් ඉහළ ගොස් ඇත්තේ එම රෝගීන් සංඛ්‍යාව 241ක් බවට පත් කරමින්.

දෙසැම්බර් මාසයේ අවසාන සතිය තුළ පමණක් රෝගීන් 50 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.

එය බරපතළ තත්ත්වයක් බවයි යාපනය දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවේ.

2024 වසරේ යාපනය දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 5890 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ම එක් මරණයක් ද වාර්තා වී තිබෙනවා.

මේ හේතුව මත ඩෙංගු උවදුර මර්දනය කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13
Video thumbnail
අනුර කුමාර අඟුරු කුමාර වෙලා l Marikkar l Anura Kumara
12:54
Video thumbnail
මම දෙන ආතල් එකට රු 1000යි දෙන්නේ - මදිනේ සර් l Archuna
00:42
Video thumbnail
බාල කුමාරගේ ගැලවීම සඳහා අඟුරු කුමාර ඉදිරිපත් වෙනවා..විමල් හොදටම අමතයි
10:06
Video thumbnail
ගල් අඟුරුත් බාලයි.. රාජ්‍ය පාලනයත් බාලයි l Sajith l Anura
13:30
Video thumbnail
හා හා කෑවා නේද.. දැන් හිනාවෙන්නකෝ l Namal Rajapaksha
10:57
Video thumbnail
දැඩි විදුලි කප්පාදුවකට යන්න වෙනවා..වෘත්තිය සමිති අනතුරු අඟවයි..මේ බොරුවෙන් රට ගෙනියන්න බැහැ
08:39
Video thumbnail
"කුමාර ජයකොඩියා මඩ නාපු ඌ#ක් වගේනේ.."සුගීෂ්වර, කුමාර ජයකොඩිට හොදටම දෙසයි
05:58
Video thumbnail
"නරි බිරුවා කියලා සිංහයෝ බය වෙන්නේ නෑ"වසන්ත විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
07:43