AFC Banner
Empty Ad
Empty Ad

මීයන් යොදා කොවිඩ් නසන ප්‍රතිවෛරසයක් නිපදවයි – වෛරසය සම්පුර්ණයෙන් විනාශ කිරීමේ හැකියාව

ඕස්ට්‍රේලියාවේ විද්‍යාඥයින් පිරිසක් පර්යේෂණාගාර තුළදී කොරෝනා වෛරසයට නිරාවරණය කරන ලද මීයන් ගේ පෙනහළු තුළ පවතින කොරෝනා වෛරසය සීයයට 99.9ක් විනාශ කළ හැකි ප්‍රතිවෛරසයක් නිපදවීමට සමත්ව තිබෙනවා.

ප්‍රතිවෛරසය මගින් මිනිස් සිරුරේ පෙනහළුවල ඇති කොරෝනා වෛරසය සම්පුර්ණයෙන් විනාශ කිරීමේ හැකියාවක් ලැබෙනු ඇති බවටයි එම විද්‍යාඥයින් විශ්වාසය පළකර සිටින්නේ.

එන්නතක් මගින් සිරුරට ඇතුලත් කරනු ලබන ප්‍රතිවෛරසයට තාපය පසු පස හඹා යන මිසයිලයක් ලෙස පෙනහළුවල තැන්පත්ව ඇති කොරෝනා වෛරස් අංශු සොයා ගෙන ගොස් විනාශ කිරීමේ හැකියාව ඇති බවයි විද්‍යාඥයින් සඳහන් කරන්නේ.

නව ප්‍රතිකාර ක්‍රමවේදය 2023 වර්ෂය වන විට රෝගීන් සඳහා දියත් කිරිමට බලාපොරොත්තුවන බව පවසන මහාචාර්ය නයිජල් මැක්මිලන්, කොවිඩ් වෛරසයෙන් සිදුවන මරණ අනුපාතය අඩු කර ගැනීමට මෙය ඉවහල් වනු ඇති බවට විශ්වසය පලකර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?