මීගොඩ වෙඩි තැබීමෙන් මියගිය ශාන්ත මුදුන්කොටුවගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකෙරේ

මීගොඩ, ආටිගල පාර ප්‍රදේශයේ දී ඊයේ (12) සිදුකළ වෙඩි තැබීමෙන් මිය ගිය හෝමාගම ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රිවරයෙකු වූ ශාන්ත මුදුන්කොටුවගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර තිබෙනවා.

හෝමාගම මූලික රෝහලේ දී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ වෙඩි ප්‍රහාරයෙන් පෙනහළු තුළට ලේ ගමන් කිරීම මෙම මරණයට හේතුව වී ඇති බවයි.

ඊයේ (12) පස්වරුවේ සුදුපැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබූ අතර, වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය තලංගම, පාලම් තුන හන්දිය ප්‍රදේශයේ දී රියදුරු සමඟ අත්අඩංගුවට ගෙන තිබුණා.

එහිදී මෝටර් රථය පරීක්ෂා කිරීමේ දී ඒ තුළ තිබී වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය, පතොරම් 14ක් පතොරම් ගැබක්, බැංකු කාඩ්පත් 04 සහ ජංගම දුරකථන 08ක් විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

එමෙන්ම අත්අඩංගුවට ගැනුණු 30 හැවිරිදි වියේ පසුවන සැකකරු සන්තකයේ තිබි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලි ග්‍රෑම් 600ක ප්‍රමාණයක් ද සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කිරීමට විශේෂ පොලිස් කණ්ඩායම් 03ක් පත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
4
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32
Video thumbnail
"මේ කු#ඩෝ නිසා අපිත් නෝන්ඩි වෙනවා"මොරටුව බස් නැවතුමේ විශේෂ මත්ද්‍රව්‍යය පරීක්ෂාවක්
04:22
Video thumbnail
"ගොවියොන්ට පාරට බැහැලා හිඟා කන්න වෙන්නේ.."කැකිරාවේ ගොවීන් දැඩි අසරණවෙයි
05:06
Video thumbnail
විපක්ෂයේ සෙට් එක උදෙන්ම කතානායකගෙන් ගේම ඉල්ලයි..කුණුහර්ප කියන්න එපා ඇ#ලා දානවා එළියට
03:23
Video thumbnail
8 වැනිදායින් පස්සේ කාලගුණයේ වෙන්න යන වෙනස මෙන්න..ධීවර ප්‍රජාවට රතු එළියක්
02:58


?