මීගොඩ වෙඩි තැබීමෙන් මියගිය ශාන්ත මුදුන්කොටුවගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකෙරේ

මීගොඩ, ආටිගල පාර ප්‍රදේශයේ දී ඊයේ (12) සිදුකළ වෙඩි තැබීමෙන් මිය ගිය හෝමාගම ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රිවරයෙකු වූ ශාන්ත මුදුන්කොටුවගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර තිබෙනවා.

හෝමාගම මූලික රෝහලේ දී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ වෙඩි ප්‍රහාරයෙන් පෙනහළු තුළට ලේ ගමන් කිරීම මෙම මරණයට හේතුව වී ඇති බවයි.

ඊයේ (12) පස්වරුවේ සුදුපැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබූ අතර, වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය තලංගම, පාලම් තුන හන්දිය ප්‍රදේශයේ දී රියදුරු සමඟ අත්අඩංගුවට ගෙන තිබුණා.

එහිදී මෝටර් රථය පරීක්ෂා කිරීමේ දී ඒ තුළ තිබී වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය, පතොරම් 14ක් පතොරම් ගැබක්, බැංකු කාඩ්පත් 04 සහ ජංගම දුරකථන 08ක් විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

එමෙන්ම අත්අඩංගුවට ගැනුණු 30 හැවිරිදි වියේ පසුවන සැකකරු සන්තකයේ තිබි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලි ග්‍රෑම් 600ක ප්‍රමාණයක් ද සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කිරීමට විශේෂ පොලිස් කණ්ඩායම් 03ක් පත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00