මීගොඩ දී වෙඩි ප්‍රහාරයකට ලක් වූ ශාන්ත මුදුන්කොටුවගේ අවසන් කටයුතු සිදුකෙරේ

පසුගිය 12 වනදා මීගොඩ ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයකට ලක් වූ හෝමගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභිකයෙකු වන ශාන්ත මුදුන්කොටුවගේ අවසන් කටයුතු අද (14) පස්වරුවේ සිදුකෙරුනා.

ඒ, වටරැක පොදු සුසාන භූමියේදීයි.

මීගොඩ, ආටිගල පාර ප්‍රදේශයේ දී පසුගිය 12 වනදා දහවල් 1:10ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර, එහිදී 46 හැවිරිදි ශාන්ත මුදුන්කොටු නැමැත්තා රෝහල් ගත කිරීමේ දී මිය ගියා.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබු අතර, අදාළ මෝටර් රථය එහි රියදුරු සමඟ එදිනම තලංගම පාලම් තුන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණා.

මේ අතර සැකපිට අත්අඩංගුවට ගත් රියදුරු රැඳවුම් නියෝග මත දින 05ක් ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් ඊයේ (13) අවසර හිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?