මීගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා පැදවූ මෝටර් රථය අනතුරකට ලක්ව ස්ථානාධිපතිවරයා තුවාල ලබා ඇති බව වාර්තා වනවා.
ස්ථානාධිපතිවරයා නිවාඩු ලබා මොරවක ප්රදේශයේ පිහිටි සිය නිවසට යමින් සිටිය දී අද අලුයම එකයි තිහට පමණ පැලවත්ත – නෙළුව මාර්ගයේ 13 කණුව අසලදී මෝටර් රථය ප්රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
මෝටර් රථය 13 කණුව අසල වංගුව ආසන්නයේ යොදා තිබෙන ආරක්ෂිත වැටේ ගැටී මාර්ගයෙන් ඉවතට විසි වී ගොස් අඩි 28ක් පමණ ප්රපාතයකට පෙරළී ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් තුවාල ලැබූ ස්ථානාධිපතිවරයා උඩුගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා කරාපිටිය රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් තිනියාවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරණු ලබනවා.