මීගොඩ ඕ.අයි.සී. පැදවූ මෝටර් රථය පෙරළී ඕ.අයි.සී. රෝහලේ (ඡායාරූප)

මීගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා පැදවූ මෝටර් රථය අනතුරකට ලක්ව ස්ථානාධිපතිවරයා තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

ස්ථානාධිපතිවරයා නිවාඩු ලබා මොරවක ප්‍රදේශයේ පිහිටි සිය නිවසට යමින් සිටිය දී අද අලුයම එකයි තිහට පමණ  පැලවත්ත – නෙළුව මාර්ගයේ  13 කණුව අසලදී මෝටර් රථය ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මෝටර් රථය 13 කණුව අසල වංගුව ආසන්නයේ යොදා තිබෙන ආරක්ෂිත වැටේ ගැටී මාර්ගයෙන් ඉවතට විසි වී ගොස් අඩි 28ක් පමණ ප්‍රපාතයකට පෙරළී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් තුවාල ලැබූ ස්ථානාධිපතිවරයා උඩුගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහල වෙත  මාරුකර යවා තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් තිනියාවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරණු ලබනවා.

  1. අනතුරකට ලකුවුණු සතෙකුට පවා අනුකම්පාව දක්වන යහපත් ගතිගුණ අපිට තිබෙන නිසා මුලින්ම ඔබතුමාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා. ඒත් ස්ථානාධිපති තුමනි කුඩා දරුවකු ඇතුළු පවුලකට අවධානමක් ඇතිකරමින් කඩාවැටුණු ඉදිකිරීමක් නාගරික සංවර්ධන අධිකාරියෙන් පවා ඉදිකිරීම් නතරකරන ලෙස ඔබගෙන් ඉල්ලා තිබු පසුබිමක බලහත්කාරයෙන් එම ඉදිකිරිම සිදුකරගෙන යාමට අනුබල දුන් ඔබතුමාට කර්මය විසින් පිළිතුරු ලබා දි ඇති ආකාරය කෙතරම් පුදුමසහගත ද



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09