මීගොඩ ආර්ථිකේ කොල්ලයේ මහ මොළකරු සහ වෙඩික්කරු අල්ලයි

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳසැලක සේවිකාවකට වෙඩිතබා එහි තිබූ මුදල් කොල්ලකෑමේ සිද්ධියේ මහමොළකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු හම්බන්තොට ප්‍රදේශයේ සැඟව සිටිය දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර කොල්ලකෑම සිදුකල අවස්ථාවේ දී වෙළඳසැලේ සේවිකාවට වෙඩි තැබූ වෙඩික්කරු ගොඩකවෙල ප්‍රදේශයේ සැඟව සිටිය දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ සඳහා යොදාගත් යතුරුපැදිය සහ ගිනිඅවිය ද පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද (18) දිනයේ සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර මෙම අපරාධය සඳහා ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙක් ද ඊයේ (17) කඩවත සහ ඉඹුල්ගම යන ප්‍රදේශවල දී අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් ව්‍යාපාරිකයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මොවුන් දෙදෙනා 39 සහ 44 යන වයස්වල පසුවන්නන් දෙදෙනෙක්.

පසුගිය 12 වනදා අලුයම් කාලයේ මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටි තොග වෙළඳසැලක පැමිණි වෙඩිකරුවන් දෙදෙනෙක් එහි සේවය කළ 23 හැවිරිදි තරුණියකට වෙඩි තබා රුපියල් පනස් දහසකට ආසන්න මුදලක් කොල්ල කා යතුරුපැදියකින් පළාගොස් තිබුණා.

එහිදී උදරයට වෙඩි ප්‍රහාර තුනක් එල්ල වී තිබූ තරුණිය ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?