AFC Banner
Empty Ad
Empty Ad

මීගොඩ ආර්ථිකේ කොල්ලයට දෙදෙනෙක් අත්අඩංගුවට

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳසැලක සේවිකාවකට වෙඩිතබා මුදල් කොල්ලකෑමේ සිද්ධියට සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ (17) රාත්‍රියේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධයට පැමිණි වෙඩික්කරුවන් දෙදෙනාට යතුරුපැදිය සහා ඔවුන්ට ආධාර අනුබල දුන් දෙදෙනෙක්.

කඩවත සහ ඉඹුල්ගම යන ප්‍රදේශවල දී මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් ව්‍යාපාරිකයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය කඩවත, කිරිල්ලවෙල ප්‍රදේශයේ සඟවා ඇති බවට ලද තොරතුරක් මත ඊයේ සොයාගෙන තිබෙනවා.

ඊට අමතරව හිස්වැසුමක්, පිහියක් සහ කමිසයක් අවන්හලක කාමරයක් තුළ සඟවා තිබිය දී සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

මොවුන් දෙදෙනා 39 සහ 44 යන වයස්වල පසුවන්නන් දෙදෙනෙක් වන අතර, ඔවුන් අද (18) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පසුගිය 12 වනදා අලුයම් කාලයේ මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටි තොග වෙළඳසැලක පැමිණි වෙඩිකරුවන් දෙදෙනෙක් එහි සේවය කළ 23 හැවිරිදි තරුණියකට වෙඩි තබා රුපියල් පනස් දහසකට ආසන්න මුදලක් කොල්ල කා යතුරුපැදියකින් පළාගොස් තිබුණා.

එහිදී උදරයට වෙඩි ප්‍රහාර තුනක් එල්ල වී තිබූ තරුණිය ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?