AFC Banner
Empty Ad
Empty Ad

මීගමුව ආ කිඹුලා

ධීවර ජනතාවගේ කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වූ, උස්වැටකෙයියාව හා මීගමුව අතර මුහුදේ දින කිහිපයක සිට සැරිසරමින් සිටි විශාල ගැට කිඹුලෙකු ඊයේ (31) ප්‍රදේශවාසීන් විසින් දැඩි පරිශ්‍රමයක් යොදා අල්ලාගෙන ඇත.

පස්වරුවේ එම කිඹුලා පමුණුගම වෙරළ තීරයට පැමිණි අවස්ථාවේ ප්‍රදේශවාසීන් කිඹුලා අල්ලා ගෙන තිබෙනවා.

මේ පිළිබඳ වනජීවි නිලධාරීන් දැනුවත් කළ ද ඔවුන් කිසි ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුකොටගෙන ප්‍රදේශවාසීන් විසින්ම අවදානම දරා මෙම කිඹුලා අල්ලාගැනීමට කටයුතු කර තිබුනා.

ඊයේ රාත්‍රී 8.30ට පමණ අල්ලාගත් කිඹුලා රැගෙන යන ලෙස වනජීවී නිලධාරීන් දැනුම්වත් කළද වනජීවී නිලධාරීන් කිඹුලා රැගෙන යාමට පැමිණ ඇත්තේ අද (01) අලුයම් කාලයේ දී බව ද ප්‍රදේශවාසීහු චෝදනා කළා.

මෙලෙස අල්ලාගෙන ඇත්තේ අඩි 10ක් පමණ දිගැති ගැහැණු ගැට කිඹුලෙකු බව සඳහන් වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?