AFC Banner
AFC Banner
Empty Ad

මීගමුව අධිකරණය අසළ වෙඩි පත්තු කළ වෙඩික්කරු පොලිස් දැලේ

පසුගිය 31 වනදා මීගමුව අධිකරණ සංකීර්ණය අසළ දී තැබීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල සැකකරු මීගමුව, කුට්ටිදූව, මාළු ලෙල්ලම ප්‍රදේශයේ දී ඊයේ (05) අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු සමඟ තවත් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

එහිදි ඔවුන් සතුව තිබී විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝලයක් සහ ජීව අත්බෝම්බයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් මිනුවන්ගොඩ සහ ගලෙන්බිඳුනුවැව ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වුණේ.

සැකකරුවන් දෙදෙනා අද (06) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

මීගමුව අධිකරණ සංකීර්ණය අසළ දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පසුගිය 31 වනදා සිදුකළ වෙඩි තැබීමෙන් මෝටර් රථයක ගමන්කරමින් සිටි පුද්ගලයෙක් සහ මාර්ගයේ ගමන් කරමින් සිටි අයෙක් තුවාල ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?