මීගමුව අධිකරණය අසළ වෙඩි පත්තු කළ වෙඩික්කරු පොලිස් දැලේ

පසුගිය 31 වනදා මීගමුව අධිකරණ සංකීර්ණය අසළ දී තැබීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල සැකකරු මීගමුව, කුට්ටිදූව, මාළු ලෙල්ලම ප්‍රදේශයේ දී ඊයේ (05) අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු සමඟ තවත් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

එහිදි ඔවුන් සතුව තිබී විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝලයක් සහ ජීව අත්බෝම්බයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් මිනුවන්ගොඩ සහ ගලෙන්බිඳුනුවැව ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වුණේ.

සැකකරුවන් දෙදෙනා අද (06) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

මීගමුව අධිකරණ සංකීර්ණය අසළ දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පසුගිය 31 වනදා සිදුකළ වෙඩි තැබීමෙන් මෝටර් රථයක ගමන්කරමින් සිටි පුද්ගලයෙක් සහ මාර්ගයේ ගමන් කරමින් සිටි අයෙක් තුවාල ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23