මිළඟ රැල්ල එනවා ඔක්කොම ගලෝගෙන යන්න හිටපු විගණකාධිපති කියු කතාව

පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම අසාර්ථක බව මේ වනවිට රටට පෙන්නුම් කර තිබෙන බව හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා පවසයි.

ඒ හේතුවෙන් නියෝජිතයින් සිදුකර ඇති අයුතු වත්කම් සහ වංචා දූෂණ ගැන විගණනය කිරීමට නීති සකස් කිරීම අත්‍යවශ්‍ය බවද ඔහු සඳහන් කරයි.

“පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම අසාර්ථකයි කියන එක රටට ඔප්පු කරලා ඉවරයි මේ වෙනකොට. පළවෙනි රැල්ල වගේ එකක් මේ තියෙන්නේ..සුනාමියේ. ඊළඟ රැල්ල එනවා අපි ඔක්කොම ගලෝගෙන යන්න.

ඒ නිසා අපේ නියෝජිතයෝ කරලා තියෙන වංචා දූෂණ හා ඔවුන් ලබාගෙන තියෙන අයුතු වත්කම් පිළිබඳව විගණනයක් කිරීම සඳහා නීතිය සකස් කිරීම අත්‍යවශ්‍යයි. 

ව්‍යවස්ථාවට ඇතුළත් කරලා මේක නීතියක් බවට පත්කිරීම අනිවාර්යයෙන් කරන්න ඕනේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
127
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?