මිහින්තලේ මාරක රිය අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

මිහින්තලේ – අඹගහවෙල හන්දිය ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

ඊයේ (17) පස්වරුවේ මෙම අනතුර සිදු ව ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ සිට කහටගස්දිගිලිය ප්‍රදේශයට අවුරුදු නෑගම් යමින් සිටි පිරිසක් ගමන් කළ වෑන් රථයක් වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් බවයි වාර්තා වන්නේ.

අනතුරින් මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් ගත් 85 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයෙක්.

වෑන් රථයේ ගමන් ගත් සිව්දෙනෙකු තම්මැන්නෑව රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?