මිස්ටර් ශ්‍රී ලංකා කොරෝ නාවෙන් සමුගනී

“මිස්ටර් ශ්‍රී ලංකා – බෙස්ට් මොඩල් ඔෆ් ද වර්ල්ඩ්” තරගාවලියේ 2004 වසරේ පිරිමි අංශයේ ජයග්‍රාහකයා වූ කෝකිල නවරත්න මහතා කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 10 වනදා අභාවප්‍රාප්ත විය.

මිය යන විට 49 වන වියේ පසුවූ ඔහු මහරගම වාසය කළේය. විය. මහරගම කොකි ජීම්නේසියම් කායවර්ධන සහ ශරීර සුවතා මධ්‍යස්ථානය ද ඔහු පවත්වාගෙන ගියේය.

කොවිඞ් 19 ආසාදනය වූ පසු ඔහු පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් කොළඹ ජාතික රෝහලට මාරු කර එහි සති දෙකක කාලයක් ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගියේය.

නවරත්න මහතා, සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ රජය සමයේ අරලියගහ මන්දිරයේ ප්‍රධාන ඡායාරූප ශිල්පියා ලෙස කටයුතු කළ කේ.පී. නවරත්න මහතාගේ දෙවැනි පුත්‍රයා ද වේ. නවරත්න මහතාගේ අවසන් කටයුතු කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිදු කෙරිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?