මිල කළ නොහැකි වෙස් මූණු සොරකමකට හිමිනමක් අල්ලයි

වැලිගම, මිරිස්ස ප්‍රදේශයේ විහාරස්ථානයක තිබූ පෞරාණික සහ මිල කළ නොහැකි වෙස් මූණු සොරකමක් සම්බන්ධයෙන් හිමිනමක් ඇතුළු තිදෙනෙක් වැලිගම පොලිසිය විසින් අද (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිරිස්ස සුනන්දාරාම විහාරස්ථානයේ තිබූ පෞරාණික වෙස් මූණු රැසක් සහ වටිනා පුස්කොළ පොත් රැසක් මෙලෙස සොරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් විසින් සොරාගත් වෙස් මූණු අතර රාක්ෂ, මනමේ, නාග ආදී වෙස් මුහුණු රැසක් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස විහාරස්ථානයේ තැන්පත් කර තිබූ මෙම වෙස් මූණු වසරකට වරක් පැවැත්වෙන මිරිස්ස ගම්මඩුව ශාන්ති කර්මය සඳහා පමණක් යොදාගන්නා බවත්, දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් මෙම වෙස් මූණු නැරඹීමට විහාරස්ථානයට පැමිණෙන බවයි තොරතුරු වාර්තා වුණේ.

විහාරස්ථානයේ තිබූ වෙස් මූණු අස්ථානගතවීම සම්බන්ධයෙන් විහාරාධිපති හිමියන් විසින් වැලිගම පොලිසිය වෙත ඉකුත් 07 වනදා සිදුකළ පැමිණිල්ලකට අනුව පොලිසිය විමර්ශන අරඹා තිබෙනවා.

එහිදී විහාරස්ථානයේ පිරිවනේ ආචාර්යවරයෙකු ලෙස කටයුතු කළ වයස අවුරුදු 24ක හිමිනමක්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී අස්ථානගත වූ වෙස් මූණු පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වූ බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම හිමිනම විසින් මිල කළ නොහැකි එම වෙස් මූණු රැසක් සොරකම් කර ඒවා මාතර ප්‍රදේශයේ පෞරාණික භාණ්ඩ මිලදී ගන්නා අයෙකු වෙත අලෙවි කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඒ, අනුව මෙම සොරකමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් පෞරාණික භාණ්ඩ මිලදී ගනු ලබන 62 හැවිරිදි පුද්ගලයා සහ 42 හැවිරිදි තවත් අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෙස් මූණුවලටට අමතරව මිල කළ නොහැකි පුස්කොළ පොත් විශාල ප්‍රමාණයක් සොරකම් කොට තිබියදී පොලිසිය සොයාගෙන ඇති අතර, සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතුවලින් අනතුරුව මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22