Thursday, January 16, 2025
Empty Ad
AFC Banner
AFC Banner

මිලියන 60ක වටිනාකමකින් යුත් ඉඩමකට ව්‍යාජ පිඹුරුපත් සැකසූ පෙරකදෝරුවා රිමාන්ඩ්

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයෙහි පිහිටි මිලියන 60ට අධික වටිනාකමින් යුත් ඉඩමකට ව්‍යාජ ඔප්පුවක් සැකසූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් නීතිඥවරයෙකු මෙම මස 30 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (16) නියෝග කළා.

ඒ.එස් සිල්වා නමැති නීතිඥවරයෙකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඌමලේ ජිනරත්න හිමියන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර නීතිඥවරයා අත්අඩංගුවට ගෙන තිබුණා.

අපවත් වූ ධම්මවංශ නමැති හිමි නමක් විසින් 21012 වසරේ දී ඌව පරණගම ජිනරතන නමැති හිමි නමකට තෑගි ඔප්පුවක් මගින් පවරා දී තිබූ ඉඩමක් සඳහා එසේ ව්‍යාජ ඔප්පුවක් සකස් කර ඇති බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි වූ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෝන පතිරණ නමැති පුද්ගලයකු ද රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අතර ඔහුව මෙම මස 30 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

සැකකාර නීතිඥවරයා විසින් එම ඉඩමට ව්‍යාජ ඔප්පුවක් සකස් කිරීමෙන් අනතුරුව හිමිවරුන් තිදෙනෙකු විසින් එම ඉඩම මිලියන හැටකකට එස්.ආර් බණ්ඩාර නමැති අයකුට විකුණා ඇති බවට කරුණු අනාවරණය වූ බව ද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පැවසුවා.

මෙවැනි වංචාසහගත සිද්ධීන් තුනක් සම්බන්ධයෙන් සැකකාර නීතිඥවරයාට එරෙහිව මීගමුව අධිකරණයේ නඩු තුනක් පවතින බව ද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්පෝර්ට් පෝලිම නැවතත් මතුවෙයි - ආණ්ඩුවට සොරිම තමයි - ටෙන්ඩර් මගඩිය නැවත කරළියට
12:26
Video thumbnail
Breaking news 🛑කළුබෝවිල රත් කළ වෙ#ඩිල්ල - පැමිණි අයුරු CCTV යේ
02:30
Video thumbnail
නාමල්ගේ සද්දේ අඩු වෙයි - "නෑ නෑ මම නම්බර් එක මාරු කලා" අණ්ඩුවේ ලොක්කො දැන්මම බයවෙලා ද?
00:44
Video thumbnail
වාහන සිහිනය ගැන ජනතා අදහස් - ආණ්ඩුවේ රෙදි ලෙෆ්ට් - බැණුම් වරුසාවයි
01:56
Video thumbnail
STF හදීසි සෝදිසියකදී සිදුවූ විපත - අප්පදබොල - ළඟ අයිස් තිබිලලු
03:06
Video thumbnail
අපි ඩොලර් ලොරි ගනන් ගෙනාවේ
08:19
Video thumbnail
මේ වසරේ ඩොලර් බිලියන 18ක අපනයන ආදායමක බලාපොරොත්තුවක්
10:38
Video thumbnail
ඉතාම කෙටි කාලයකින් අප්‍රසාදයට පත්වුණ එකම ආණ්ඩුව "මාලිමා ආණ්ඩුව"
05:45
Video thumbnail
සෞඛ්‍යයට මඩ ගහන අයට වැඩ වැරදියි
01:29
Video thumbnail
ආණ්ඩුව හොඳටම ෆේල් - සහල් මාෆියාවට යටවෙලා
04:12

?