මිලියන 60ක වටිනාකමකින් යුත් ඉඩමකට ව්‍යාජ පිඹුරුපත් සැකසූ පෙරකදෝරුවා රිමාන්ඩ්

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයෙහි පිහිටි මිලියන 60ට අධික වටිනාකමින් යුත් ඉඩමකට ව්‍යාජ ඔප්පුවක් සැකසූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් නීතිඥවරයෙකු මෙම මස 30 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (16) නියෝග කළා.

ඒ.එස් සිල්වා නමැති නීතිඥවරයෙකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඌමලේ ජිනරත්න හිමියන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර නීතිඥවරයා අත්අඩංගුවට ගෙන තිබුණා.

අපවත් වූ ධම්මවංශ නමැති හිමි නමක් විසින් 21012 වසරේ දී ඌව පරණගම ජිනරතන නමැති හිමි නමකට තෑගි ඔප්පුවක් මගින් පවරා දී තිබූ ඉඩමක් සඳහා එසේ ව්‍යාජ ඔප්පුවක් සකස් කර ඇති බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි වූ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෝන පතිරණ නමැති පුද්ගලයකු ද රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අතර ඔහුව මෙම මස 30 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

සැකකාර නීතිඥවරයා විසින් එම ඉඩමට ව්‍යාජ ඔප්පුවක් සකස් කිරීමෙන් අනතුරුව හිමිවරුන් තිදෙනෙකු විසින් එම ඉඩම මිලියන හැටකකට එස්.ආර් බණ්ඩාර නමැති අයකුට විකුණා ඇති බවට කරුණු අනාවරණය වූ බව ද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පැවසුවා.

මෙවැනි වංචාසහගත සිද්ධීන් තුනක් සම්බන්ධයෙන් සැකකාර නීතිඥවරයාට එරෙහිව මීගමුව අධිකරණයේ නඩු තුනක් පවතින බව ද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20