මිලියන 50ක මත්පෙති මධ්‍යම තැපැල් හුවමාරුවෙන් සොයාගෙන

රුපියල් මිලියන 50 කට ආසන්න වටිනාකමකින් යුත් මත්පෙති තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දී රේගූ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබෙනවා.

මත්පෙති තොගය අඩංගු අදාළ පාර්සලය ජර්මනියේ සිට අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකුගේ නමට එවා ඇති බවටයි වාර්තා වන්නේ.

අදාළ පාර්සලය තුළ කාඩ්බෝඩ් පෙට්ටියක බිත්ති අතර ඉතා සූක්ෂම ලෙස අසුරා තිබූ මෙතෆෙටමින් නමැති මත්ද්‍රව්‍ය පෙති 4,956ක් රේගු නිලධාරීන්ට සොයා ගැනීමට හැකිව තිබෙනවා.

පෞද්ගලික භාණ්ඩ අඩංගු බවට සඳහන් කරමින් අදාල පාර්සලය මෙරටට ඒවා ඇති බවටයි තොරතුරු අනාවරණය වන්නේ.

ඉදිරි විමර්ශන කටයුතු සඳහා සොගත් මත්පෙති තොගය ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට භාර දීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !