AFC Banner
AFC Banner
Empty Ad

මිලියන 35ක් ගෙවා චිත්‍රයක් මිලදී ගත් ප්‍රභල දේශපාලක පුත් රුවන කවුද ?

ශ්‍රී ලංකාව මේ වන විට සිටින්නේ ආර්ථික වශයෙන් අසීරූ තැනක බව මොලයෙන් අඩක් හෝ යන්තමට වැඩකරන පුද්ගලයෙකුට තේරෙන බව අපි දනිමු. පෝලිමේ ගෙවෙන ජීවිත හාමතේ , කලුවරේ ඇදී යනවා විනා පෙනෙනතෙක් මානයක ගැලවීමක් නම් පෙනෙන තෙක් මානයක නැත.

රටේ තත්ත්වය මෙසේ හෙන ගැසී හැඳි ගෑවී තිබියදී එක්තරා ප්‍රබල දේශපාලඥයෙකු ගේ පුත්‍රයෙකු විසින් රුපියල් මිලියන 35ක් ගෙවා කලා කෘතියක් ( චිත්‍රයක් ) මිලදී ගෙන ඇති බවට වන තොරතුරක් මේ වන විට සමාජ ජාලා අතර හුවමාරු වෙමින් පවතිනවා.

මෙම දේශපාලඥයාගේ පුත්‍රයා විසින් මෙරට සිටින ඉහල පෙළේ ධනවත් ව්‍යාපරිකයෙකු ගෙන් එම චිත්‍රය මිලදී ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

රටේ මිනිසුන් ජිවන අරගලයක නිරතව සිටින මොහොතක මෙම වාර්තා වන සිදුවීම සත්‍යයක් නම්, එය කෙතරම් ඛේදාන්විත සිදුවීමක් ද යන්න රටේ සියලු දෙනාම මොහොතක් නතර වී කල්පනා කළ යුතුමය.නමුත් කණගාටුවට කරුන නම් එසේ නැවතීමටවත් අපට වේලාවක් ඉතිරි නැත…ඉක්මනින් මීලග “පෝළිම” කරා දිව යෑමට ජනතාවට සිදුව ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?