මිලියන 10ක ටින් මාලු විනාශ කරයි (වීඩියෝ)

රුපියල් මිලියන 10කට ආසන්න වටිනාකමකින් යුතු පරිභෝජනයට නුසුදුසු ආනයනික ටින් මාළු තොගයක් විනාශ කර දමා තිබෙනවා.

පාරිභෝගික අධිකාරියට ලැබුණු තොරතුරක් මතයි පසුගිය ජුනි මස 20 වනදා පන්නල, ගලයාය ප්‍රදේශයේ තොග ගබඩාවක තිබී තොරතුරු වෙනස් කළ මෙම ආනයනික ටින් මාළු තොගය සොයා ගනු ලැබුවේ.

පාරිභෝගික අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් වැටලීම් හා විමර්ශන අංශයේ නිලධාරීන් විසින් එම වැටලීම සිදු කර මෙම ටින් මාලු තොගය අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම ගබඩාවේ තිබූ ආනයනික ටින් මාළු ඇසුරුම් 16150ක් පමණ නිසි ප්‍රමිතියට නොතිබු අතර පරිභෝජනයට නුසුදුසු මට්ටමේ පවතින බැවින් එම ටින් මාළු තොගය පාරිභෝගික අධිකාරිය භාරයට ගනු ලැබුවා.

මෙම ටින් මාළුවල තොරතුරු වෙනස් කර ව්‍යාජ ලේබල් අලවා නැවත වෙළෙඳපලට නිකුත් කිරිමට සුදානම් කිරීම පාරිභෝගික පනතට එරෙහි ක්‍රියාවක් බවයි මෙහිදී නිලධාරීන් පෙන්වා දෙනු ලැබුවේ.

ආනයනික ටින් මාළු තොගය මුද්‍රා තබා කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම අධිකරණයෙන් ලැබුණු තින්දුව මත මිලියන 10කට ආසන්න වටිනාකමකින් යුතු ටින් මාළු තොගය කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයාගේ නිරීක්ෂණය යටතේ විනාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?