මිලියන 05ක් වටිනා රන් මුදු සොරා ගත් අයුරු

මීගමුව නගරයේ පිහිටි ස්වර්ණාභරණ වෙළෙඳසැලකට පැමිණි පුද්ගලයෙක් එහි තිබු රන් මුදු පහක් සොරාගෙන ගොස් තිබෙනවා. ඔහු සොරාගත් රන් භාණ්ඩවල මිල රුපියල් ලක්ෂ 50ක් පමණ වනු ඇතැයි වාර්තා වනවා.

ඊයේ දහවල් ස්වර්ණාභරණ ආයතනයට පැමිණ ඇති පුද්ගලයින් දෙදෙනෙක් රන් භාණ්ඩ තෝරන මුවාවෙන් විනාඩි කිහිපයක් එම වෙළෙඳ සැල තුළ ගතකර පිටව ගොස් තිබේ.

පසුව සවස 3ට පමණ පැමිණි වෙනත් පුද්ගලයෙක් රන් මුදු මිල දී ගැනීමට අවශ්‍ය බව පවසා අලෙවි සැල තුළ විනාඩි 15ක පමණ කාලයක් රැඳී සිට ඇත.

කෙසේවෙතත් එම පුද්ගලයා රන් මුදුවල හැඩ බලන ආකාරයට අතේ පැලඳ සිටින අතර එක්වරම එම ස්ථානයෙන් දිව යන ආකාරය එහි වු CCTV කැමරාවේ සනිටුහන් ව තිබේ.

පසුව රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයා යතුරුපැදියක නැඟී පළා ගොස් ඇති අතර මේ වන තෙක් කිසිදු සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී නොමැති අතර මීගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22