spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මිලියන 05ක් වටිනා රන් මුදු සොරා ගත් අයුරු

මීගමුව නගරයේ පිහිටි ස්වර්ණාභරණ වෙළෙඳසැලකට පැමිණි පුද්ගලයෙක් එහි තිබු රන් මුදු පහක් සොරාගෙන ගොස් තිබෙනවා. ඔහු සොරාගත් රන් භාණ්ඩවල මිල රුපියල් ලක්ෂ 50ක් පමණ වනු ඇතැයි වාර්තා වනවා.

ඊයේ දහවල් ස්වර්ණාභරණ ආයතනයට පැමිණ ඇති පුද්ගලයින් දෙදෙනෙක් රන් භාණ්ඩ තෝරන මුවාවෙන් විනාඩි කිහිපයක් එම වෙළෙඳ සැල තුළ ගතකර පිටව ගොස් තිබේ.

පසුව සවස 3ට පමණ පැමිණි වෙනත් පුද්ගලයෙක් රන් මුදු මිල දී ගැනීමට අවශ්‍ය බව පවසා අලෙවි සැල තුළ විනාඩි 15ක පමණ කාලයක් රැඳී සිට ඇත.

කෙසේවෙතත් එම පුද්ගලයා රන් මුදුවල හැඩ බලන ආකාරයට අතේ පැලඳ සිටින අතර එක්වරම එම ස්ථානයෙන් දිව යන ආකාරය එහි වු CCTV කැමරාවේ සනිටුහන් ව තිබේ.

පසුව රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයා යතුරුපැදියක නැඟී පළා ගොස් ඇති අතර මේ වන තෙක් කිසිදු සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී නොමැති අතර මීගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?