Empty Ad
AFC Banner
Empty Ad

මිලර් හා ලින්ඩේ දකුණු අප්‍රිකාවට ජය ගෙනෙයි

T20 තරග 03කින් සමන්විත ක්‍රිකට් තරගාවලියක් ඊයේ (10) දින දකුණු අප්‍රිකාව සහ සංචාරක පාකිස්තානය අතර ආරම්භ වුණා.

එහි පළමු තරගය ඩර්බන් නුවරදී ආරම්භ වූ අතර තරගයේ ලකුණු 11කින් ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය හිමිවූයේ හෙන්රිච් ක්ලාසන් හටයි.

ඒ අනුව ඔහු පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 09ක් දැවී ලකුණු 183ක් රැස් කළා.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ඩේවිඩ් මිලර් පන්දු 40ක දී ලකුණු 82ක් රැස් කරගැනීමට සමත් වුණා.

ජෝර්ජ් ලින්ඩේ ලකුණු 48යි.

පිළිතුරු ඉනිම ජයග්‍රහණයට ලකුණු 184ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තානයට කඩුලු 08ක් දැවී සියලු පන්දුවාර නිමා වී ලබාගත හැකි වූයේ ලකුණු 172ක් පමණයි.

මොහොමඩ් රිස්වාන් ලකුණු 74ක් ලබා ගත්තා.

සයිම් අයුබ් ලකුණු 31යි.

කඩුලු බිඳ දැමීමේ දී ජෝර්ජ් ලින්ඩේ ලකුණු 21කට කඩුලු 04ක් ලබා ගත්තා.

ක්වෙනා මපකා කඩුලු 02ක් සහ ඔට්නෙයිල් බාට්මන් හා ඇන්ඩිලෙ සිමිලේන් එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

තරගයේ වීරයා සම්මානය පිත්තෙන් ලකුණු 48ක් සහ පන්දුවෙන් කඩුලු 04ක් බිඳ දැමූ ජෝර්ජ් ලින්ඩේට හිමිවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති,ජනාධිපති කරන්නේමේ කරන්නේ මේ රටේ රෙද්ද කඩන එක
05:58
Video thumbnail
සදාකාලිකවම නිසල වූ පා.ම නුවන් කෝසලගේ මව රෝහලේ හඬා වැටෙයි
01:07
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරහදිසියේම අභාවප්‍රාප්ත වෙයි
01:06
Video thumbnail
🔴BREAKING NEWS... පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරඅභාවප්‍රාප්ත වෙයි
01:35
Video thumbnail
අනුර වික්‍රමසිංහගේ කෙරුවාව එළියට
10:40
Video thumbnail
එජාපයේ භූතයෝ දෙන්නෙක් ඉන්නවා - කියන්න කොන්දක් නැත්ද ?
10:39
Video thumbnail
පාතාලේ අයියලා යට ගහපු නීති විරෝධි බර අවි ලොට් එකක්ම අතේ මාට්ටු
03:20
Video thumbnail
හොරට අත්සන් කළේ මොන බම්බුවටද ? විමල් ආණ්ඩුවට සැරටම අමතපු ඇමතිල්ල
07:29
Video thumbnail
සුදා සල්ලි ගහලද ? මාලිමා රජය සුදාට එරෙහිව පරීක්ෂණ පටන් ගනියි
12:04
Video thumbnail
අපිලගේ සාදුට ප්‍රශ්නයක් - ජිනීවා මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි කරන්න යයි
04:18
<p>?</p>