මිලර් හා ලින්ඩේ දකුණු අප්‍රිකාවට ජය ගෙනෙයි

T20 තරග 03කින් සමන්විත ක්‍රිකට් තරගාවලියක් ඊයේ (10) දින දකුණු අප්‍රිකාව සහ සංචාරක පාකිස්තානය අතර ආරම්භ වුණා.

එහි පළමු තරගය ඩර්බන් නුවරදී ආරම්භ වූ අතර තරගයේ ලකුණු 11කින් ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය හිමිවූයේ හෙන්රිච් ක්ලාසන් හටයි.

ඒ අනුව ඔහු පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 09ක් දැවී ලකුණු 183ක් රැස් කළා.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ඩේවිඩ් මිලර් පන්දු 40ක දී ලකුණු 82ක් රැස් කරගැනීමට සමත් වුණා.

ජෝර්ජ් ලින්ඩේ ලකුණු 48යි.

පිළිතුරු ඉනිම ජයග්‍රහණයට ලකුණු 184ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තානයට කඩුලු 08ක් දැවී සියලු පන්දුවාර නිමා වී ලබාගත හැකි වූයේ ලකුණු 172ක් පමණයි.

මොහොමඩ් රිස්වාන් ලකුණු 74ක් ලබා ගත්තා.

සයිම් අයුබ් ලකුණු 31යි.

කඩුලු බිඳ දැමීමේ දී ජෝර්ජ් ලින්ඩේ ලකුණු 21කට කඩුලු 04ක් ලබා ගත්තා.

ක්වෙනා මපකා කඩුලු 02ක් සහ ඔට්නෙයිල් බාට්මන් හා ඇන්ඩිලෙ සිමිලේන් එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

තරගයේ වීරයා සම්මානය පිත්තෙන් ලකුණු 48ක් සහ පන්දුවෙන් කඩුලු 04ක් බිඳ දැමූ ජෝර්ජ් ලින්ඩේට හිමිවුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25