මිරිස්ස සංචාරක හෝටලයක සිදුවු දැවැන්ත දේපළ සොරකමට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට

වැලිගම පොලිස් වසමෙ මිරිස්ස සංචාරක හෝටලයක පසුගිය දිනක සිදුවු 4368000 වටිනා දේපළ සොරකමට සම්බන්ධ කාන්තාවන් තිදෙනකු සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව වැලිගම මූලස්ථාන පොලිසිය කියයි.

ඉකුත් පුනි මස 8 වන දින වැලිගම මිරිස්ස ප්‍රදේශයේ සංචාරක හෝටලයක සිදු වූ බව කියන සොරකම සම්බන්ධයෙන් සැකකරුවන් සහ සැකකාරියන් හඳුනාගෙන ඔවුන් (30 ) පස්වරුවේදි වැලිගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබිණි

එම සැකකරුවන් සහ සැකකාරියන් අම්බලන්ගොඩ සහ වතුගෙදර , ආද දොල ප්‍රදේශයේ පදිංචි 22- 42 වයසේ ඥාති පිරිසක් බවට මුලීක මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
එ අනුව සංවිධානාත්මක ලෙස දුර බැහැර ප්‍රදේශ වල සංචාරය කරමින් සොරකම් කිරීමේ කටයුතුවල නිරත වි ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ

අදාල සංචාරක හෝටලයේ තිබි සොරකම් කරන ලද ඩෝලර් නෝට්ටු 4000 ද යූරෝ නෝට්ටු 6000 ද ශ්‍රී ලාංකා මුදලින් රුපියල් 200000 මුදල් සහ වටිනා ජංගම දුරකථන 7 ක් ඩෝන කැමරා එකක්, ඩිජිටල් කැමරාවක්, තවත් වටිනා උපකරණ සහ හෝටලය සතු බැංකු ගිණුම් පොත් , සැකකරුවන් සන්තකයේ තිබී වැලිගම පොලිසියේ නිලධාරීන් විසින් සොයාගෙන තිබේ .

ජේෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා මහතාගේ මග පෙන්වීම මත සහකාර පොලිස් අධිකාරී සුමිත් ගුණරත්න මහතාගේ මෙහෙයවීමෙන් වැලිගම මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩි එම් අබේසේකර මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ නිලධාරීන් වන උප පොලිස් පරීක්ෂක එම් .ඒ. පි. නන්දසිරි මහතා පොලිස් සැරයන් වන (55906 ) ඩබ්ලිව් .ඩි. සමන්ත (40807 ) ඩබ්ලිව් .එන්. ඩි. චතුරංග පොලිස් කොස්තාපල්වරුන් වන (29264 ) පි.ඩි.පි.කේ. පසිඳු , (99367 ) එම් .එම් එච් රූපවංශ සහ පොලිස් නිලධාරිනියන් වන (10484 ) එච් .එම් .ඒ. පියුමාලී සහ (12365 ) ආර්. එම් .ටි. කුමාරි යන නිලධාරීන් එක්වූහ. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පොලිසිය පරීක්ෂණ මෙහෙයවති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?