AFC Banner
Empty Ad
Empty Ad

මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල රඳවා සිටින ලාංකිකයින් ගැන සාකච්ඡාවක්

මියන්මාරයේ සයිබර් අපරාධ ප්‍රදේශයේ කඳවුරක බලහත්කාරයෙන් රඳවා සිටින ශ්‍රී ලාංකිකයින් පිරිස මුදාගැනීමට සහාය වන ලෙස මෙරට ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මියන්මාරයේ රජයෙන් ඉල්ලා තිබෙනවා.

බිම්ස්ටෙක් ජාතික ආරක්ෂක ප්‍රධානීන්ගේ සිව්වැනි සමුළුවට සහභාගි වීමට මියන්මාරයට ගොස් සිටින ආරක්ෂක ලේකම්වරයා එරට අග්‍රාමාත්‍ය Min Aung Hlaing හමු වූ අවස්ථාවේ දී මෙම ඉල්ලීම සිදුකර ඇති බව සඳහන්.

ආරක්ෂක ලේකම්වරයා සිදුකළ මෙම ඉල්ලීමට ප්‍රමුඛත්වයදීම සඳහා සිය රජය කැපවෙන බව මියන්මාර අග්‍රාමාත්‍යවරයා පවසා තිබෙනවා.

මේ අතර මෙම හමුවේ දී මියන්මාරය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍ර සබඳතා, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මෙන්ම ආගමික කටයුතුවල දී ද්විපාර්ශ්වික වශයෙන් පවත්වනු ලබන සහයෝගීතාව පිළිබඳව දෙපාර්ශ්වය අතර සාකච්ඡා පවත්වා ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?