මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල රඳවා සිටින ලාංකිකයින් ගැන සාකච්ඡාවක්

මියන්මාරයේ සයිබර් අපරාධ ප්‍රදේශයේ කඳවුරක බලහත්කාරයෙන් රඳවා සිටින ශ්‍රී ලාංකිකයින් පිරිස මුදාගැනීමට සහාය වන ලෙස මෙරට ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මියන්මාරයේ රජයෙන් ඉල්ලා තිබෙනවා.

බිම්ස්ටෙක් ජාතික ආරක්ෂක ප්‍රධානීන්ගේ සිව්වැනි සමුළුවට සහභාගි වීමට මියන්මාරයට ගොස් සිටින ආරක්ෂක ලේකම්වරයා එරට අග්‍රාමාත්‍ය Min Aung Hlaing හමු වූ අවස්ථාවේ දී මෙම ඉල්ලීම සිදුකර ඇති බව සඳහන්.

ආරක්ෂක ලේකම්වරයා සිදුකළ මෙම ඉල්ලීමට ප්‍රමුඛත්වයදීම සඳහා සිය රජය කැපවෙන බව මියන්මාර අග්‍රාමාත්‍යවරයා පවසා තිබෙනවා.

මේ අතර මෙම හමුවේ දී මියන්මාරය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍ර සබඳතා, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මෙන්ම ආගමික කටයුතුවල දී ද්විපාර්ශ්වික වශයෙන් පවත්වනු ලබන සහයෝගීතාව පිළිබඳව දෙපාර්ශ්වය අතර සාකච්ඡා පවත්වා ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40