මියන්මාරයේ සයිබර් වහල් කඳවුරුවල රඳවා සිටි ශ්‍රී ලාංකිකයන් දහතුන් දෙනෙකු නිදහස් කර තිබෙනවා.
තායි බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ඔවුන් නැවත ශ්‍රී ලංකාවට එවීමට කටයුතු සූදානම් කරමින් සිටින බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තහවුරු කළා.
රටවල් 20ක පුද්ගලයින් 260ක පිරිසක් පසුගිය බ්‍රහස්පතින්දා (13) මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලින් නිදහස් කර තිබෙනවා.
තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් තවමත් මෙම මියන්මාර සයිබර් අපරාධකරුවන්ගේ අත්අඩංගුවේ පසුවන අතර, ඔවුන් නිදහස් කිරීම සඳහා සාකච්ඡා මේ වන විට සිදුවෙමින් පවතිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1