මියගිය පුද්ගලයකුගේ මළසිරුරක් බලෙන් රැගෙන ගිය දෙදෙනෙක් අත්අඩංගුවට

අනතුරකින් පසු මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් බණ්ඩාරගම දිසාරෝහලේ වෛද්‍යවරුන්ට පරුෂ වචන කියමින් සහ තර්ජනය කර කාර්යය මණ්ඩලයට හා එහි දේපළවලට පහර දී පැහැරගෙන ගොස් ඇති බව තොරතුරු වාර්තා වනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ එලෙස රැගෙන ගොස් ඇත්තේ මැදගම ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ මළසිරුරක් බවයි.

ඊයේ (17) රාත්‍රියේ බණ්ඩාරගම – කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේ දී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලැබූ අතර එයින් එක් පුද්ගලයකු බරපතළ තුවාල ලබා රෝහලට රැගෙන එන විටත් මියගොස් තිබුණා.

එම පුද්ගලයාගේ ඥාතීන් සහ හිතවතුන් 15 දෙනෙකුට අධික පිරිසක් එකවරම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත කඩා වැදී වෛද්‍යවරුන්ට පරුෂ වචන කියමින් තර්ජනය කර කාර්ය මණ්ඩලයට ද පහර දී ට්‍රොලිය මත දමා තිබූ මළ සිරුර රැගෙන ලොරියක පටවාගෙන පිටව ගොස් තිබූ බවයි වාර්තා වන්නේ.

පැමිණි පිරිස රෝහලට ඇතුල්වන අවස්ථාවේදී ඇතුළු වීමේ දොරටුවලට ආරක්ෂක හිස් වැසුම්වලින් වීදුරුවලට ද පහරදීමෙන් ඒවාට ද අලාභ හානි වී තිබෙනවා.

පැමිණි පිරිසෙන් බහුතරයක් දෙනා බීමතින් සිටි බවට ද අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කළ බවයි දසත වාර්තාකරු පැවසුවේ.

එම පුද්ගලයන් මළසිරුර ලොරියක පටවාගෙන පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති බව ද වාර්තා වනවා.

පසුව එම ස්ථානයට ගිය බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපතිවරයා මියගිය පුද්ගලයාගේ එක් පුත්‍රයකු අත්අඩංගුවට ගත් අතර රෝහල් කාර්‍යය මණ්ඩලයට පහර දුන් ඥාති දියණියක් ද අත්අඩංගුවට ගැනුණා.

කෙසේවෙතත් රෝහලේ ආරක්ෂිත කැමරා පද්ධතියේ දර්ශන අනුව සෙසු සැකකරුවන් ව අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?