මියගිය පුද්ගලයකුගේ මළසිරුරක් බලෙන් රැගෙන ගිය දෙදෙනෙක් අත්අඩංගුවට

අනතුරකින් පසු මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් බණ්ඩාරගම දිසාරෝහලේ වෛද්‍යවරුන්ට පරුෂ වචන කියමින් සහ තර්ජනය කර කාර්යය මණ්ඩලයට හා එහි දේපළවලට පහර දී පැහැරගෙන ගොස් ඇති බව තොරතුරු වාර්තා වනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ එලෙස රැගෙන ගොස් ඇත්තේ මැදගම ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ මළසිරුරක් බවයි.

ඊයේ (17) රාත්‍රියේ බණ්ඩාරගම – කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේ දී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලැබූ අතර එයින් එක් පුද්ගලයකු බරපතළ තුවාල ලබා රෝහලට රැගෙන එන විටත් මියගොස් තිබුණා.

එම පුද්ගලයාගේ ඥාතීන් සහ හිතවතුන් 15 දෙනෙකුට අධික පිරිසක් එකවරම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත කඩා වැදී වෛද්‍යවරුන්ට පරුෂ වචන කියමින් තර්ජනය කර කාර්ය මණ්ඩලයට ද පහර දී ට්‍රොලිය මත දමා තිබූ මළ සිරුර රැගෙන ලොරියක පටවාගෙන පිටව ගොස් තිබූ බවයි වාර්තා වන්නේ.

පැමිණි පිරිස රෝහලට ඇතුල්වන අවස්ථාවේදී ඇතුළු වීමේ දොරටුවලට ආරක්ෂක හිස් වැසුම්වලින් වීදුරුවලට ද පහරදීමෙන් ඒවාට ද අලාභ හානි වී තිබෙනවා.

පැමිණි පිරිසෙන් බහුතරයක් දෙනා බීමතින් සිටි බවට ද අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කළ බවයි දසත වාර්තාකරු පැවසුවේ.

එම පුද්ගලයන් මළසිරුර ලොරියක පටවාගෙන පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති බව ද වාර්තා වනවා.

පසුව එම ස්ථානයට ගිය බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපතිවරයා මියගිය පුද්ගලයාගේ එක් පුත්‍රයකු අත්අඩංගුවට ගත් අතර රෝහල් කාර්‍යය මණ්ඩලයට පහර දුන් ඥාති දියණියක් ද අත්අඩංගුවට ගැනුණා.

කෙසේවෙතත් රෝහලේ ආරක්ෂිත කැමරා පද්ධතියේ දර්ශන අනුව සෙසු සැකකරුවන් ව අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46