මියගිය තවත් වන අලියෙකුගේ සිරුරක් සොයාගෙන

බුත්තල, ඔක්කම්පිටිය, මාලිගාවිල ප්‍රදේශයේ කැලෑ බද ප්‍රදේශයක තිබී මියගිය වන අලියෙකුගේ සිරුරක් සොයාගෙ තිබෙනවා.

මෙම සත්වයා මීට දින කිහිපයකට පෙර මියගොස් ඇති බව වනජීවි නිලධාරීන් පවසා සිටියේ.

සත්වයාගේ මරණයට නිශ්චිත හේතුවක් මේ වන තෙක් අනාවරණය වී නැහැ.

මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද දින සිදුකිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල වනජීවි කාර්යාලයේ නිලධාරීන් සහ ඔක්කම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?