මිනුවන්ගොඩ ත්‍රිත්ව ඝාතනයට තවත් අයෙක් අල්ලයි

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පසුගිය දා සිදු වූ ත්‍රිත්ව ඝාතනයට සම්බන්ධ තවත් පුද්ගලයෙක් ඊයේ (17) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ඝාතනයන් සිදුකිරීමට යතුරුපැදියක් ලබාදෙමින් ආධාර අනුබලදීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයා මිනුවන්ගොඩ, පීල්ලවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද (18) දින මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මිනුවන්ගොඩ, ගමන්ගෙදර ප්‍රදේශයේ පිහිටි නිවසකට පසුගිය 06 වනදා අලුයම ඇතුළු වූ පුද්ගලයෙකු සිදුකළ වෙඩි තැබීමකින් පියෙකු සහ ඔහුගේ පුතුන් දෙදෙනා ජීවිතක්ෂයට පත් වුණා. සරුංගලයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුකර ඇති බවයි පසුව අනාවරණය වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?