මිනී වලෙන් අතුරුදන් වූ දැරියගේ සිරුර සොයා දෙන්නෙකුට ලක්ෂ 20ක්

වවුනියාව භාරතීපුරම් ප්‍රදේශයේදී ජල ටැංකියකට වැටී මිය ගිය අවුරුදු 2ක් වයසැති දැරියගේ සිරුර මිහිදන් කළ ස්ථානයෙන් අතුරුදහන් වීම හේතුවෙන් එම සිරුර සොයා දෙන්නෙකුට රුපියල් ලක්ෂ 20ක් ලබාදෙන බවට මියගිය දැරියගේ ඥාතීන් පවසනවා.

නෙලුක්කුලම් පොදු සුසාන භූමියේදී පසුගිය අගෝස්තු මස 27වනදා මිහිදන් කළ මළ සිරුර මෙම සැප්තම්බර් 05 වනදා කිසියම් පිරිසක් විසින් රැගෙන ගොස් ඇති බවටයි දැරියගේ ඥාතීන් විසින් නෙලුක්කුලම් සහ වවුනියාව පොලිස් ස්ථාන වෙත පැමිණිළි කර ඇත්තේ.

මේ දක්වා දැරියගේ මළ සිරුර සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක් නොලැබීම හේතුවෙන් දැරියගේ මිත්තණිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර තම දියණියගේ සිරුර සොයා දෙන්නෙකුට රුපියල් ලක්ෂයක මුදලක් ලබාදෙන බවයි.

ඇය විදේශ රටක සිට මෙරටට පැමිණ ඇති අතර අනතුරුවයි මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව සඳහන් කර ඇත්තේ.

දැරියගේ මළ සිරුර සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොමැති වීමෙන් සියලුම ඥාතීන් දැඩි සිත්තැවුලකින් පසුවන බවයි ඇය සඳහන් කළේ.

අතුරුදහන් වී ඇති සිරුර සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබාදෙන අයෙකුට රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාදෙන අතර සිරුර සොයාදෙන අයෙකුට රුපියල් ලක්ෂ 20ක් ලබාදෙන බවට එම කාන්තාව පවසනවා.

තමන්ට කෙසේ හෝ තම මිණිබිරියගේ සිරුර අවශ්‍ය බවයි අය කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
6
+1
4
+1
25
+1
10
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ හිමි බැහැ දකින්න ගිය විජයදාස රාජපක්ෂ.."අද මූල්‍ය කළමණාකරණය බිංදුවටම වැටිලා"
04:23
Video thumbnail
ක්‍රිකට් ආයතනය ඉදිරිපිට දැඩි උණුසුම්.."බුකී ශම්මි අපිට එපා..ශම්ම් ශම්මි Go Home.."
01:08
Video thumbnail
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැඩි ප්‍රකාශයක්..බූලිවලට තෙල් එකතු කරන්න ගිහින් අමාරුවේ වැ#න්න එපා
07:33
Video thumbnail
අධ්‍යාත්මික නායකයා ඝා#නයේ සතුට සමරන ඉරාන වැසියන්..කට්ටිය උඩ පැන පැන සතුට සමරන්නේ
00:46
Video thumbnail
කිසිදු අනියත බියක් ඇතිකර ගත යුතු නැහැ..දින 37 - 45කට අවශ්‍ය ඉන්ධන තියෙනවා..
03:50
Video thumbnail
අයතුල්ලා අලි කමේනි ඝා#නය වූ පුවත අසා ඉරාන වැසියන් කණු බදාගෙන හඬා වැලපෙයි
00:53
Video thumbnail
"රත්තරනේ..ඇයි මාව තනි කරලා ගියේ" පෙරලුණු ධීවර යාත්‍රාවේ සිටි තරුණයෙකුගේ සිරුරක් හමුවෙයි
03:49
Video thumbnail
ඉන්ධන මිල ගැන මිනිසුන්ගෙන් චෝදනා..ඉන්ධන පෝළිම් මැද මිනිස්සු බූලිවලට තෙල් පු‍රවන් යන හැටි..
02:28
Video thumbnail
එදා අරගලයට බැහැලම හිටපු කහඳගම අරගලය ගැන අද කියන කතාව.."මම හැමදාම කරන්නේ මෛත්‍රී කරන එක තමයි"
02:17
Video thumbnail
ඇල්ල වැල්ලවාය මාර්ගයේ යතුරුපැදියක් ප්‍රපාතයකට පෙරළීමෙන් බිහිසුණු අනතුරක්
03:06