මිනිසෙකුගේ කරමතින් ගිය අඩි 20ක් දිග කිඹුලා (වීඩියෝ)

මිනිසෙක්; අඩි 20ක් පමණ දිග කිඹුලෙකු තම උරමතින් රැගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වනවා.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පුද්ගලයෙක් විසින් මෙලෙස කිඹුලෙක්ව තම උරමතින් රැගෙන ගොස් ඇති අතර, මෙම සත්වයාගෙන් සති කිහිපයක පමණ සිට පෞතියකුර්ද් නැමැති ප්‍රදේශයේ ජනතාවට මහත් පීඩාවක් ගෙන දී ඇති බවයි වාර්තා වන්නේ.

කිඹුලා සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගේ ලැබුණු පැමිණිලි මත වනජීවී නිලධාරින් දින කිහිපයක් පුරා සිදුකළ මෙහෙයුමකින් පසු එම සත්වයාව අල්ලාගැනීමට හැකිව තිබෙනවා.

ගම්වාසීන්ගේ සහයෝගය ඇතිව අල්ලාගත් කිඹුලා වෙනත් ස්ථානයකට රැගෙන යාම සඳහා අදාළ පුද්ගලයා විසින් මෙලෙස එම සතවයා තම උරමතින් රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අල්ලාගත් කිලෝ 150ක් පමණ බරකින් යුත් මෙම කිඹුලාගේ කට සහ දෑත් දෙපා රෙදි කැබලිවලින් ගැට ගැසීමෙන් අනතුරුව මෙලෙස අදාළ පුද්ගලයා එම සතවයාව උරමත තබාගෙන රැගෙන ගොස් තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මේ ආකාරයෙන් සජීවී විශාල කිඹුලෙක් තම බාහුමත තබාගෙන රැගෙන ගොස් ඇත්තේ මෙහෙයුමට ආ වනජීවී නිලධාරියෙක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝජිත මොඩියුල නැවත ලබාදෙන්න කියා දෙමව්පියෝ ඉසුරුපාය දෙවනත් කරයි..සෙල්ලම් කරන්නේ දරුවෝ එක්ක
14:47
Video thumbnail
වැදූ මව එලොව යැවූ පුතා - අහංගම කම්පා කළ පුවත
03:43
Video thumbnail
ජුලී චං ඉදිරියේ අනුර අනේපිඬු සිටුතුමා වගේ කීකරුවෙලා..කිරිබත් කාලම හොඳම එකෙන් කිව්ව ගම්මන්පිල
07:50
Video thumbnail
රතු නිවේදන නිකුත් කළ විදෙස්ගත සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද මෙරටට ගෙන එයි
02:54
Video thumbnail
පොලිසිය සහ ජනතාව අතර දැඩි උණුසුම් තත්වයක්..මිනිස්සු කුපිත පොලිසිය එක්ක ඇරගයි
10:30
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:25
Video thumbnail
ප්‍රසිද්ධ වෙළෙඳ ප්‍රදර්ශනාගාරය ලොකු ගින්නක්..මහ සෙනඟක් වටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
01:51
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:45
Video thumbnail
විදේශිකයන් රැගත් වෑන් එකක් ග්‍රෙගරි වැව අසළ සිදුවූ බිහිසුණු අනතුර
01:09
Video thumbnail
අජිත්ගෙන් ලාල් කාන්තට සැර සත්තමක්.."කිසිම සමාවක් දෙන්න බැරි පහත් විවේචනයක් කළේ"
06:53


?