මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර විකිණූ 13කට නීතිය සැරවෙයි

ප්ලාස්ටික් නිෂ්පාදන භාවිතයෙන් ආහාර සකස් කරන ආයතන සහ මිනිස් පරිභෝජනයට නුසුදුසු නිෂ්පාදන අලෙවි කරන ව්‍යාපාර සෞඛ්‍ය නිලධාරීන් විසින් පරීක්ෂා කර ව්‍යාපාරිකයින් 13 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු කියා සිටියේ මඩකලපුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් මාමන්ගම්, ඉරුදයපුරම් සහ කෝට්ටමුනේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසවල මහා පරිමාණ විශේෂ ආහාර පරීක්ෂාවක් සහ වැටලීමක් සිදු කළ බවයි.

ඊයේ (12) සවස වෙළෙඳ ආයතන 18ක සිදු කරන ලද වැටලීම් සහ සෝදිසි මෙහෙයුම්වල දී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර සොයාගැනුණා.

මෙම මෙහෙයුමේ දී ඉදිආප්ප වැනි ආහාර පිළියෙළ කිරීම සඳහා භාවිතා කරන ලද ප්ලාස්ටික් උපකරණ විශාල ප්‍රමාණයක් සහ මිනිස් පරිභෝජනයට නුසුදුසු කල් ඉකුත් වූ නිෂ්පාදන අත්අඩංගුවට ගෙන ඇති අතර, එම නිෂ්පාදන යොදා ගනිමින් ආහාර පිළියෙළ කර අලෙවි කළ වෙළෙන්දන්ට එරෙහිව නඩු පවරා තිබෙනවා.

මඩකලපුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එස්. මුරලීස්වරන්ගේ උපදෙස් පරිදි මඩකලපුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය උදයකුමාර් මහතාගේ මඟපෙන්වීම යටතේ මෙම සෝදිසි මෙහෙයුම් සිදු කෙරුණා.

අදාළ පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙළඳසැලේ සේවිකාවත් නොමඟ යවා සොරා දුන්න ගේම
01:22
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි
01:13
Video thumbnail
"සෑම සංස්කෘතියකටම ගරු කරන, ජාතිවාදයෙන් තොර රටක් අපි හදනවා" l Anura Kumara Dissanayake
03:32
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14
Video thumbnail
අසේල කුපිත වී හොඳම එකෙන් දෙසයි.."මුන් අම්මා මුත්තා නැතිවෙන්න බුද්ධ ශාසනයට ග#නවා"
08:43
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු නේද?..සේවිකාවටත් හිතා ගන්න බෑ සොරා දුන්න ගේම
02:32


?