මිනිස් ජාවාරම් වැළැක්වීම වෙනුවෙන් ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා සහයෝගීතාව ඉහළ නැංවීමට පියවර

ඉන්දියන් සාගර කලාපයේ සමුද්‍ර ආරක්‍ෂාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාවට ලබාදෙන සහය පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඔස්ට්‍රේලියාවට සිය ස්තූතිය පළ කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා ඊයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවූ අවස්ථාවේදී යි අගමැතිවරයා මේ බව සඳහන් කළේ.

එහිදී, ධීවර ක්‍ෂේත්‍රයට අදාළ සන්නිවේදන ජාල ශක්තිමත් කිරීම සඳහා ධීවර යාත්‍රාවලට ජී. පී. එස්. (Global Positioning System) තාක්ෂණ පහසුකම ලබාදීමට අවශ්‍ය සහාය ලබාදෙන ලෙසටයි අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියා.

දේශීය සිසුන් පමණක් නොව ආසියාවේ, මැදපෙරදිග සහ අප්‍රිකාවේ වෙනත් රටවල සිසුන් ආකර්ෂණය කර ගැනීම සඳහා තවත් ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලවලට අනුබද්ධ විශ්වවිද්‍යාල ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කළ හැකි බව පැවසූ අග්‍රාමාත්‍යවරයා ධීවර, කෘෂිකර්මය, තොරතුරු තාක්ෂණය, පුනර්ජනනීය බලශක්තිය, ඉලෙක්ට්‍රොනික හා සංචාරක කර්මාන්තය වැනි නව ක්ෂේත්‍රවල ද නව ආයෝජන සිදු විය යුතු බව වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා විශේෂයෙන්ම ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 75ක් වටිනා ඖෂධ සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා ඔස්ට්‍රේලියාවට සිය ප්‍රසංශාව ද පළ කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති සාකච්ඡාවලදී සහ පැරිස් සමාජ රැස්වීම්වලදී ශ්‍රී ලංකාවට තම සහාය ලබා දෙන බවටයි මහ කොමසාරිස් ස්ටීවන්ස් මහතා මෙහිදී සහතික වූයේ.

මෙම සාකච්ඡාවට ඕස්ට්‍රේලියානු දූත මණ්ඩල පළමු ලේකම් ෂැනන් මර්නි සහ අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක ද එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?