මිනිස් ජාවාරම් වැළැක්වීම වෙනුවෙන් ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා සහයෝගීතාව ඉහළ නැංවීමට පියවර

ඉන්දියන් සාගර කලාපයේ සමුද්‍ර ආරක්‍ෂාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාවට ලබාදෙන සහය පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඔස්ට්‍රේලියාවට සිය ස්තූතිය පළ කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා ඊයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවූ අවස්ථාවේදී යි අගමැතිවරයා මේ බව සඳහන් කළේ.

එහිදී, ධීවර ක්‍ෂේත්‍රයට අදාළ සන්නිවේදන ජාල ශක්තිමත් කිරීම සඳහා ධීවර යාත්‍රාවලට ජී. පී. එස්. (Global Positioning System) තාක්ෂණ පහසුකම ලබාදීමට අවශ්‍ය සහාය ලබාදෙන ලෙසටයි අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියා.

දේශීය සිසුන් පමණක් නොව ආසියාවේ, මැදපෙරදිග සහ අප්‍රිකාවේ වෙනත් රටවල සිසුන් ආකර්ෂණය කර ගැනීම සඳහා තවත් ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලවලට අනුබද්ධ විශ්වවිද්‍යාල ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කළ හැකි බව පැවසූ අග්‍රාමාත්‍යවරයා ධීවර, කෘෂිකර්මය, තොරතුරු තාක්ෂණය, පුනර්ජනනීය බලශක්තිය, ඉලෙක්ට්‍රොනික හා සංචාරක කර්මාන්තය වැනි නව ක්ෂේත්‍රවල ද නව ආයෝජන සිදු විය යුතු බව වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා විශේෂයෙන්ම ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 75ක් වටිනා ඖෂධ සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා ඔස්ට්‍රේලියාවට සිය ප්‍රසංශාව ද පළ කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති සාකච්ඡාවලදී සහ පැරිස් සමාජ රැස්වීම්වලදී ශ්‍රී ලංකාවට තම සහාය ලබා දෙන බවටයි මහ කොමසාරිස් ස්ටීවන්ස් මහතා මෙහිදී සහතික වූයේ.

මෙම සාකච්ඡාවට ඕස්ට්‍රේලියානු දූත මණ්ඩල පළමු ලේකම් ෂැනන් මර්නි සහ අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක ද එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26