මිනිස් ජාවාරම්කරුවන් අතරමං කර ගිය පිරිසක් නාවික හමුදාව මුදාගනී

මිනිස් ජාවාරම්කරුවන් විසින් අතරමං කර දමාගොස් බවට සැකකෙරෙන පුද්ගලයින් 06 දෙනෙක් තලෛයිමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෛයිමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත්, තලෛයිමන්නාරම වැලිපර හත ප්‍රදේශයේ අතරමන් කර දමාගොස් සිටි මෙම පිරිස නාවික හමුදාවට විසින් මුදාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස නාවික හමුදාව විසින් මුදාගෙන ඇත්තේ ශ්‍රී ලාංකික පුද්ගලයින් හයදෙනෙක් බවයි තොරතුරු වාර්තා වුණේ.

මිනිස් ජාවරම්කරුවන් විසින් මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන බවට පොරොන්දු වී, තලෛයිමන්නාරමට ඔබ්බෙන්වූ ශ්‍රී ලංකාවට අයත් හත්වැනි වැලි පරය මත මොවුන්ව අතරමන්කර දමා ගොස් තිබෙනවා.

නාවික හමුදා භාරයට ගත් මෙම පිරිස අවුරුදු 08 ත් 56 ත් අතර වයසේ පසුවන වව්නියාව, මඩු සහ කොක්කඩිචෝලේ යන ප්‍රදේශයන්හී පදිංචිව සිටි පුද්ගලයන් බවට හඳුනාගෙන තිබෙනවා.

එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලිසිය වෙත භාරදීමටයි කටයුතුකර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?